ඉන්දියාවේ , තුන්වන ලිංගිකත්වය සහ ලංකාවේ ජනමාධ්‍ය…

0
314

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ගැහැනුත් නොවන පිරිමිත් නොවන තෙවන ලිංගිකත්වයක් ඇතැයි නීත්‍යානුකූලව පිළිගෙන තිබේ.

තමන්ගේ ලිංගිකත්වය තීරණය කිරීම මානව අයිතිවාසිකමක් බව ප්‍රකාශ කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගැහැනුත් නොවන පිරිමිත් නොවන ලිංගිකත්වයට අයත් පිරිසට අනෙකුත් ලිංගිකත්වයන් හා සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් අධ්‍යාපන, රැකී-රක්ෂා ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන් හිදී ඔවුන්ට හිමි කෝටාව වෙන්කළ යුතු බවත් ප්‍රකාශ කර ඇත.

“මෙය සමාජ හෝ සෞඛ්‍ය ගැටලුවක් නොවේ. එය මානව අයිතිවාසිකමක්. ඔවුන් ඉන්දියානු පුරවැසියන්. ඔවුන්ට නිදහසේ ජීවත්විමේ ඉඩකඩ සලසා දිය යුතුයි.” යනුවෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ ප්‍රධානී කේ. එස්. රාධක්‍රිෂ්නන් මහතා පවසා තිබේ.
මෙම පුවත් ඊයේ ලංකාවේ මාධ්‍ය බහුතරයක් විසින් වාර්ථා කිරිමේදි යොදාගෙන තිබුන පදය වුයේ නපුංසකයන් යන්නයි.
එහෙත් මාධ්‍ය කිපයක් පමණක් තෙවන ලිංගිකත්වය යන යෙදුම භාවිතා කරමින් මේ ථෙතිහාසික පුවත වාර්ථා කිරිමට ශිෂ්ඨ වි තිබුණි.
3 rd geder

lankatruth