ඉන්ධන පිරවුම් හලක් තුල ත්‍රිරෝද රථයක් ගිනි ගනි …( විඩියෝ )

0
164

1600835661-Threwheel_Fire_L

වැල්ලවාය – ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී තිබේ.
ඉන්ධන පොම්පය අසල ත්‍රීරෝද රථය නවතා ඉන්ධන ලබා ගනිමින් තිබිය දී එම ගින්න හට ගෙන ඇත.
පසුව එම ස්ථානයේ සිටි ඉන්ධන පොම්පකරුවන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට සමත්වීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් මඟහැරී ගොස් තිබේ.
එම ත්‍රීරෝද රථය ගිනි ගැනීමකට ලක්වන අයුරු ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබු CCTV කැමරාවක මෙසේ දැක්වේ.
(අද දෙරණ )

\