ඉන්ධන පිරවුම් හල් වල තෙල් චණ්ඩි.

0
86

ජනතාවට ,මාධ්‍යවේදීන්ට පොලිසිය චණ්ඩි පාට් දානවට අමතරව තෙල් පෝලිම් වලට ඇවිල්ලා ⁣බිගෙන චාටර් වෙන තෙල් චණ්ඩියෝ ටිකකුත් දැන් බෝවේගන එනව වගේ.

අද මිගමුවේ කොප්පර හංදියේත් ⁣ඒ වගේ තෙල් චණ්ඩි ටිකක් ඉදල තිබුනා.මේ සෙට් එක එක පාරටම කොළඹ හලාවත පාර වහල දාල තිබුනා.

ඒක වාර්තා කරන්න ඇවිල්ල තිබුන සිරස මාධ්‍යවේදී සහජාන්ට කිව්වලු කැමරා ඉස්සුවොත් කුඩු කරනව කියල.

ලැජ්ජයි .ජනඅරගලයට කැපවෙලා තාමත් විනයගරුක විදියට ඒක පවත්වගෙන යන ඇත්ත අරගලකරුවෝ රටපුරාමත්,තාමත් අරගලේ.

එහෙම වෙනකොට අමන ආණ්ඩුවෙන් පිඩාවට පත්වෙලා ඉන්න ජනතාව තවත් පිඩාවට පත්කරමින් පාරවල් වහනව.මේ ජාතියේ තෙල් චණ්ඩින්ට ජනතාව පාඩම් කියල දෙන දිනය වැඩි ඈතක නැ.

මිගමු ජනඅරගලයට හෙටට දවස් 60.සිරසේ මාධ්‍යවේදී සහජාන්ල මේ දින 60න් වැඩිදවස් ගාණක් අරගලය ආවරණය කරද්දි එහෙම අයට තමයි ඩෝප් වෙච්ච තෙල් චණ්ඩි ටිකක් මිගමුවේ කොප්පර හංදියේදි අද පාට් දාල තිබුනේ.

ඩොප් නම් ගෙදර ඉදපල්ලා.අරගලයේ නාමයෙන් ගෝන්පාට් නොදා කියල ජනතාවම දැන් එයාලට කියල තිබුන.