ඉන්ධන මිළ පහත දමන ලෙස ඉල්ලා අරගල කළ ඇන්ටනිව ඝාතන කොට වසර 10 යි

0
136

වත්මන් රජය විසින් ජනතාව මත පිඩනය පටවමින් ඉහල දැමු ඉන්ධන මිළ මෙන්ම තවත් කරුණු මුල් කොට ගෙන මිගමුවේ ධිවරයෝ අරගලයකට අවතිර්ණ වෙමින් සිටිති.
මේ අනුව සාමකාමි උද්ඝෝෂණයක් මාර්තු 03 වන සෙනසුරාදා පැවැත්විමට නියමිතව ඇත.
කලින් පැවැති රාජපක්ෂ රජය  විසින් ඉන්ධන මිළ වැඩි කළ අවස්ථාවේදි ඊට විරෝධය පළකළ හලාවත ධිවරයන්ට අමානුෂික ලෙස වෙඩි තැබු අතර මෙම වෙඩි තැබිමෙන් ඇන්ටනි නැමැති ධිවර ක්‍රියාකාරිකයෙකු මිය ගොස් තිබුණි.
ඒ් හරියට මිට වසර 10 කට පෙරය.
‌ධිවර සංවිධාන වලට පවා දැන් අමතකව ඇති  ඇන්ටනි ගැන පහත සටහන මිට පෙර මිපුර වෙබ් අඩවියේ අප විසින් පළකරන ලද්දකි.

 

2012 පෙබරවාරි 15 වෙනිදා  පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී  විශේෂ පොලිස් බලකාය විසින්  ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතා ඝාතනයට ලක්විය.හලාවත ඇන්ටනි හැදුනුම් පත
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධිවරයන් විසින් සමකාමි විරෝධයට එදා රාජපක්ෂ පොලිසිය පිළිතුරු දි තිබුණේ මේ ආකාරයෙනි.යහපාලන රජය බලයට ආවේ මේ සි්‍යළු මිනිමරුවන්ට දඩුවම් දෙනවා යැයි සපථ කරමිනි.
එහෙත් ඝාතනයෙන් වසර 7 ක් ගෙවුණ තැන පවා ඇන්ටනිගේ ඝාතකයන් නීතිය  හමුවට පමුණුවා දඩුවම් කිරිම යහපාලනයට මගහැරුණි.
මෙයට විරෝධය පළකරමින් මීගමුවේ ධිවරයෝද පාරට පැමිණි අතර දින ගණනාවක් රැකියාව යාමද ප්‍රතික්ෂේප කළෝය.
මීගමුවේ ධිවර විරෝධයන්හිදිද එවකට පළාත් සභා ඇමතිවරයෙකු ව සිටි නිමල් ලංසා ධිවරයන්ට පහරදිමටත් තර්ජනය කිරිමත් මීගමුවේ ධිවරයන්ට කිසිදනක අමතක නොවන බව ධිවර ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.