මේ ධිවරයාගේ පවුලේ වැඩිමහල් පුතුගේ පාසැල් ගමන පසුගිය මාර්තු මාසයේදි ඇන සිටි අතර එතැන් පටන් ඔහු කලපුවට ගොස් අල්ලාගත් මසුන් විකුණා සිය පවුල නඩත්තු කිරිම ආරම්භ කොට තිබුණි.මෙම තත්වය දරාගත නොහැකි වු පියා තම අසල්වාසින්ට මෙන්ම සිය ඥාතින් හටද නිතර පවසා තිබුනේ මේ කුඩා දරුවාගෙන් හම්බකරගෙන කන්නට සිදුව තිබිම තමන්ට කිසිසේත් වාවන්නේ නැති බවය.
වෙඩි වැදිමෙන් අබ්බාගාත තත්වයට පත්වු මේ ධිවරයන් වෙනුවෙන් රජය කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් ආරම්භ කර නොතිබිම නිසා අසරණ තත්වයට පත්ව ගෙල වැල ලාගෙන මිය යන්නට තරම් තත්වයක් ඇති කිරිම සම්බන්ධයෙන් අදාල බලධාරින්ට කිසිදු ගැලවිමක් නැතැයි ප්රදේශවාසිහු පවසති.