spot_img
spot_img
Friday, November 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice ඉනෝකාගේ සභාපතිකම රකින්න : සිරිසේන රූපවාහිනිය ගිලියි !

ඉනෝකාගේ සභාපතිකම රකින්න : සිරිසේන රූපවාහිනිය ගිලියි !

0
111
my31ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති  සිරිසේන  විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව මෙසේ ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

මීට හේතුව ලෙස වාර්තා වන්නේ කැබිනට් නොවන ජනමාධ්‍ය  අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කල රූපවාහිනී සංස්ථාවේ නව සභාපති කැලුම් පාලිත මහීරත්න එම තනතුර ලබාගැනීමට යාම ජනාධිපති සිරිසේනගේ පාර්ශවයට දරාගත නොහැකි වීමය.

මේ වන විට ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවි වාර්තා කරන්නේ රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ මැර කණ්ඩායමක් පැමිණ ලේ සෙලවීමකට සූදානම් වන විට ජනාධිපති විසින් රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කරනු ලැබූ බවය.

එහෙත් එය ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාරයකි. සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු වෙත විෂයක් පැවරුණු විට ඊට තමන්ට විශ්වාසවන්ත අය ප්‍රධානීන් ලෙස පත්කර ගනු ලබයි. රූපවාහිනී සංස්ථාව වෙත සභාපති තනතුර සඳහා කැලුම් පාලිත මහීරත්න පත්කෙරෙන්නේද ඒ අනූවය.

පිළිගත් සම්ප්‍රදාය වන්නේ අමාත්‍යවරයා වෙනස් වන විට සභාපති වැනි තනතුරුවල සිටින ප්‍රධානීන් ඉල්ලා අස්වීමය. නමුත් දින 52 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ පවා ඉනෝකා සත්‍යාංගනී කීර්තිරත්න රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස කටයුතු කළාය.

අනතුරුව ඇයට අවස්ථා ගණනාවක් ඉල්ලා අස්වීමට අමාත්‍යාංශය දැනුම් දුන්නද ඇය ඉල්ලා අස්වූයේ නැත.

ජනාධිපති සිරිසේන රූපවාහිනී සංස්ථාව පවරා ගනිමින් නිකුත්කල ගැසට් නිවේදනය පහත දැක්වෙයි.
newstube.lk

IMG 20190909 WA0010

IMG 20190909 WA0011