ඉල්ලා අස්වීමට හේතුව මාරපන කියයි

0
72

අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව තමන් විසින් ගත් පුද්ගලික තීරණයක් මිස කිසිවෙකුගේ බලපෑමක් යටතේ ගත් තීරණයක් නොවන බව නීතිය සහ සාමය අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

මෙසේ තීරණයක් ගැනීමට හේතු වුයේ ඇවර්න් ගාර්ඩ් විමර්ශන සම්බන්ධකොට තමා වෙත එල්ලවී තිබෙන සියලු චෝදනා පදනම් විරහිත වුවත් විපක්ෂයේ පාර්ශව මෙන්ම ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඇවර්න් ගාර්ඩ් සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ඉල්ලා සිටීමේ පසුබිමේ ආණ්ඩුව අපහසුතාවයකට පත්වීම වැලැක්වීම තම අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට ස්වල්ප මොහොතකට පෙර (09) ඒ මහතාගේ නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් දැක්වීය. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේදී මම කළේ නීතිපතිවරයා දක්වා තිබෙන කාරනාව නිවැරදි බව ප්‍රකාශකිරීම. මොකද මමත් ඒ ලියකියවිලි බැලුවා. එහෙම නැතුව නිකන්ම කිවුවා නෙවෙයි. අද වෙනතුරු නොකඩවාම ඇවර්න් ගාර්ඩ් කටයුතු සිදුවෙනවා. උසාවියෙන් ඊට අවසර දීලත් තියනවා. එහෙම නැත්නම් මේක දිගටම කරගෙන යන්නෙ කොහොමද? අපි ගිවිසුම් හරහා මේ සේවාව ලබාදීමට බැඳී සිටිනවා. අපට ඕනවට හිතුමතේ ක්‍රියා කරන්න බෑ. හෙට අපි නෞකා වලට අවි නොදී සිට ඒ නැව් වලට යම් ප්‍රහාරයක් එල්ල වුනොත් අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ අය දන්නෙ නැති උනාට කාටවත් හිතුමතේ ආයුධ ගබඩා පවත්වාගෙන යන්න බෑ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ අවසරය ගන්න ඕන. එයාලා මේවා ගැන අධීක්ෂණය කරනවා. අනික තමයි මෙහි තිබෙන කිසිම අවියක් අනවසර ඒවා නෙවෙයි.
www.sathhanda.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here