ඉවත් කළ Oneway රථවාහන සැලැස්ම හෙට සිට යළිත් ක්‍රියාත්මකයි !

0
173

traffic-planමීගමුව තුල වසර 3 කට ආසන්න කාලයක් තිස්සේ සාර්ථක ක්‍රියාත්මක වු Oneway රථවාහන සැලැස්ම පසුගිය 2 වනදා සිට තාවකාලිකව නවතාදමා තිබුණද එය පෙර පරිදි හෙට සිට  ක්‍රියාත්මක වන වාර්ථා වේ.
මීගමුව වෙළද සංගමයේ ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙක් සහ කටාන ප්‍රදේශයේ පුද්ගලයෙකු මීගමුවේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණ Oneway රථවාහන සැලැස්මට එරෙහිව පසුගිය දිනවල පෙත්සම් පිට පෙත්සම් ගසා ඇති බව අප මිට පෙරද වාර්ථා කළෙමු.
මීගමුව යනු බස්නාහිර පළාතේ දැනට වේගයෙන්ම දියුණු වන වෙළද නගරයයි.එය හෙටට ගැලපෙන සේ දියුණු කිරිමේදි පරණ හණමිටි අදහස් වලට ඉඩදිමෙන් සිදුවන්නේ එය ආපස්සට ගමන් කිරිමක් පමණි.
අදාල සියළු බළධාරි්න් මේ තිත්ත ඇත්ත නිවරදි ලෙසින් තේරුම් ගැනිම තුල පමණක් මීගමුව නුතන නගරයක් බවට පත්විම සිදුවනු ඇත..