ඉවසුවා ඇති…. අගෝ 14 කොළඹ එන්න.

0
91

වැලිවේරියෙ අහිංසක දරුවන් මරා දැමූ ආන්ඩුවට එරෙහි මහා ජනතා උද්ඝෝෂණය අගෝස්තු 14  සවස 2.00 ට කොලඹ කොටුවේදී…
cmb protest
මුලින්ම ඔවුන් අරගල කාරයො හොයාගෙන ආවා
මම අරගල කාරයෙක් නොවන නිසා මම ඔවුන් වෙනුවෙන් කතා කලේ නෑ
ඊට පස්සෙ දෙමළ මිනිස්සු හොයාගෙන ආවා
මම දෙමළෙක් නෙමෙයි නිසා ඔවුන් වෙනුවෙන් කතා කලේ නෑ
ඊට පස්සු උන් උද්ඝෝෂකයන් හොයාගෙන ආවා
මම උද්ඝෝෂණය නොකල නිසා මම ඔවුන් වෙනුවෙන් කතා කලේ නෑ
ඔවුන් මාධ්‍යවේදීන් හොයාගෙන ආවා
මම මාධ්‍යවේදියෙක් නෙමෙයි නිසා මම මාධ්‍යවේදියන් වෙනුවෙන් කතා කලේ නෑ
අන්තිමට ඔවුන් මා සොයා ආවා
ඒ වෙනකොට මා වෙනුවෙන් කතා කරන්න කවුරුත් ඉතුරු වෙලා හිටියෙ නෑ