ඉස්සර සැලුන් දැන් සැලෝන් වෙලා……..

0
608

20150112_094556 (1) IMG_7901

කරණවෑමි රැකියාවේ සංස්කෘතික ඉතිහාසය සොයා යන ගමනේ මීගමුව පෙරියම්මුල්ලේහි පිහිටි ග්‍රේස් සැලුන් හි අයිතිකරු කෙනත් ප්‍රනාන්දු මහතා සමඟ කළ සුහද කතාබහකි.
සටහන සහ ඡායාරූප –දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා

  • කරණවෑමි රැකියාවේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමක් කලොත්?මම දන්න විදියට මුඛ පරම්පරාවෙන් එන කතාවක් මේක.ඒ කාලේ මිනුවන්ගොඩ අළුත්පොල පන්සල තියන හරියේ රාජධානියක් තිබුනා.ඒ රාජධානියේ සේවය කරන හා රජුට ආවතේව කරන අයට රජු විසින් ගම්වර තෑගි කරලා තියනවා.රජුගේ කොණ්ඩ , රැවුල කපන කෙනාට රජු විසින් ගම්වරයක් තෑගි කරල තියනවා. ඒ තමා කටාන, වයික්කාල ප්‍රදේශ.

    ඒ ගම් වල තමා එදා ඉදලා කොණ්ඩ කපන අය ඉදලා තියෙන්නේ.ඒ අය චක්‍රවර්තී කියන පෙලපත් නාමයට   අයත් පිරිසයි.
එතකොට මීගමුවේ පෑරණිතම සැලුන් මොනවාද?
කොරනේෂන් සැලුන් එක තමා ප්‍රසිද්ධ. ඒ කාලේ ඉදලා තිබුණ සැලුන් එක
.
ඒකේ ගැහැනු පිරිමි දෙකම කොණ්ඩ කපනවා.
තව මනාලියන් හැඩගැන්වීම් කරනවා
.
තව රෙක්ස් සැලුන් ,කලම්බු සැලුන්, ඒ කාලේ ඉදන් තිබුනු ඒවා.
තව දෙමළ අයට සැලුන් එකක් තිබුනා ඒක රෝයල් සැලුන් කියලා.ඒක ඇති වුනේ යාපනයෙන් මෙහෙට සැලුන් වලට වැඩට ආපු අය දාගත්ත සැලුන් එකක් ඒක තමා රොයල් සැලුන් එක.

  • ග්‍රේස් සැලුන් ඉතිහාසය ගැන පොඩ්ඩක් කියමු?
    1934ජුනි මස 13වෙනිදා තමා මේ සැලුන් එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ මගේ සීයා බෙනඩික් ප්‍රනාන්දු.පෙරියම්මුල්ල හන්දියේම මීගමුව හලාවත පාර අයිනේ තමා අපේ කඩේ තිබුනේ.

( පෙරියම්මුල්ල මංසන්දියේ දේවමාත සුරුවම පිහිටි ස්ථානය ) ඊට පස්සේ 1940දි වගේ මගේ පියා පැට්ට්‍රික් ප්‍රනාන්දු එයාට මේක අයිති වෙනවා.එයා  තව මුස්ලීම් කෙනෙක් වැඩට අරගෙන තමා සැලුන් එක කරන් යන්නේ. ඊට පස්සේ 1979දි වගේ මට මේ සැලුන් එක හම්බවෙනවා. දැන් අවුරුදු අසූවක් පරණයි මේ සැලුන් එකට.
ඔබත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ වුනේ ?
මම පොඩි කාලේ ඉස්කා්ලේ ගිහින් ඇවිත් සැලුන් එකට එනවා
.තාත්තා කොණ්ඩ කපන එක දිහා බලන් ඉන්නවා.දහය වසර විභාගයෙන් පස්සේ මමත් සැලුන් එකේ වැඩට ආවා. තාමත් සැලුන් එක කරගෙන යනවා.දැන් අවුරුදු 15 කට වගෙ කලින් පාර පලල් කරන නිසා සැලුන් එක කඩන්න වුනා අවුරුදු 60ක් විතර තිබුනු සැලුන් එක පාරට ගියා. දැන් පෙරියම්මුල්ල හන්දියේම් මීගමුව හලාවත පාරේ දකුනු පැත්තේ කඩයක් කරගෙන යනවා.

  • එදා කොණ්ඩේ කැපුවේ කියටද? අද කපන්නේ කියටද?

1970 දී වගෙේ අපේ තාත්තා සැලුන් එක කරන කාලේ කොණ්ඩයක් කපන්න ගන්නේ රුපියලක්. රැවුල කපන්න ගන්නේ සත 50යි. මම සැලුන් එක ගත්තේ 1979 නේ. ඒ කාලේ රුපියල් දෙකයි.රැවුලට සත 75 ක් ගන්නවා . දැන්නම් ඉතින් කොණ්ඩයක් කපන්න රුපියල් 100ක් වගේ ගන්නවා. රැවුල කපන්න 80ක් වගෙ ගන්නවා.
දැනට සේවකයෝ කියක් වැඩ කරනවාද?

දැනට සේවකයෝ 4ක් වැඩ කරනවා.1979 දි වගේ සේවකයෙක්ට පඩි දුන්නා රුපියල් 7යි සත 50 ක්. ඒ කාලේ වැඩ කලේ සේවකයෝ දවසේ පඩියට ඒත් දැන් සේවකයෝ එන්නේ කොමිස් එකට. දවසේ පඩිය ගන්න අයත් ඉන්නවා ඒත් ඔවුන් හම්බ කරන්නේ ටිප් එකෙන් ගොඩක්ම.දැන් කොණ්ඩයක් කැපුවොත් භාගයක් සේවකයට භාගයක් අයිතිකාරයට. දැන් සේවකයෙක්ට දවසකට 1000ක් දුන්නත් මදි.ඒ කාලේ ඉදලා මං එක්ක සේවකයෝ 80ක් වගේ වැඩ කරලා තියනවා.දැන් එකෙන් අයින් වු අය සැලුන් 12ක් වගේ දාගෙන ඉන්නවා. එආ හැමෝටම වැඩ පුරුදු කලේ මම.
අලුත් වන විලාසිතාව එක්ක කොහොමද හැඩගැහෙන්නේ?
අපි ඉතින් හැමදාම අලුත් වෙනවා
. අලුත් ඔනෑම කොණ්ඩ මෝස්තරයක් කපනවා.කාලෙන් කාලෙට එන අලුත් මෝස්තර ගැන දැනුවත් වෙන්නේ කොණ්ඩ කපන්න එන අයගෙන්ම තමා.
ඒ කාලේ තිබුණේ මොනවගේ මෝස්තරද? නම් ටිකක් කියමු ?
ඒ කාලේ තිබුනු කොණ්ඩ මෝස්තර බලන්න නම් හොදම දේ ඒ කාලේ තිබුනු චිත්‍රපටියක් බලන එක
. නම් වශයෙන් කිව්වොත් චාලි කට්, බුස්ලි කට්, ෂැගී කට්, තව ගැහැණු අය ඩයනා කට් ඒ වගේ කොණ්ඩා මෝස්තර තිබුනා.
ඒතකොට අද කොණ්ඩ මෝස්තර ?
අපේ තාත්තා කොණ්ඩ කපන කාලේ කපපු කට් තමා අදත් තියෙන්නේ
. පැරණි විලාසිතා තමා දැන් ආයේත් එන්නේ.නම විතරයි වෙනස්.
එදා ඉතින් කට් එක කපලා තෙල් ගාල පීරනවා.අද ඉතින් ජෙල් ගාල පීරනවා. ගොඩක් ඉන්දියාවේ චිත්‍රපටි වල එන කොණ්ඩ මෝස්තර වගෙ ඒවා. අංජාන් කට්, ස්පයික් කට්, බෙකම් කට්,ෂේප් කට් වගෙ තාමා දැන් කපන මෝස්තර.
එදයි අදයි අතර රැවුල් කට් මොනවද?
ගොඩාක්ම රැවුල් කට් තියන්නේ මුස්ලීම් අය තමා
.සමහරක් අය රැවුල් වවනවා.ගිනිකූරු කට් ,පොන්ටින් කට් ප්‍රසිද්ධයි.
සැලුන් දොර, පැරණි සැලුන් වල ආකෘතිය කොහොමද?
ඒ කාලේ නම් සැලුන් වල තිබ්බේ සැලුන් දොර දැන් ඒක දේශපාලන වචනයක් වෙලා
. සැලුන් මේසය,කණ්නාඩි මේසය ඔවා තමා සැලුන් එකේ තියෙන්නේ. ඉස්සර නම් තිබ්බේ ලොකු කණ්නාඩි මේස ලී වලින් හදපුවා.  දැන්  ග්‍රැනැයිඩ් වලින් කරන ඒවා තමා.ඉස්සර මේසය යට ලී කබඩ් තිබුනා කණ්නාඩි තිබුනා ඒක වටේ ගිය ලී ෆ්‍රේම් එක.මගේ තාත්තා ඒ කාලේ එකක් ගෙනාවා ඒක රුපියල් 260වගේ මුදලක්.
ඒකට කණ්නාඩි බෙල්ජියම් වලින් ගෙන්නුවේ
.
කාගිල්ස් කොම්පැනිය තමා ඒවා ලංකාවට ගෙනාවේ
.ඒද්දී මාස 03ක් වගේ ගියා.
මේ ක්ෂේත්‍රය ඔබ අද දකින විදිහට පොඩි පැහැදිලි කිරීමක් කලොත්?
ඇත්තටම දැන් මේ රස්සාව දියුණු වෙලා එදා තිබුණ කුල බේදය අද නැහැ
.ඕනෑම කෙනෙක් එනවා කොණ්ඩය කපන්න.දැන් ඉස්සරට වඩා මිනිස්සු දියුණුයි.දැන් කියන්නේ හෙයාර් කට් එකක් ගාමුද කියලා.සැලුන් දැන් සැලෝන් වෙලා.දැන් සැලුන් එකට ආවම කොණ්ඩය කපන්න විතරක් නෙමේ අන්තීමට ජෙල් ගාල ලස්සනට පීරල ඇරියාම ඒ කෙනාට ගොඩක් සතුටුයි.ඇත්තටම මේ ක්ෂේත්‍රය ගොඩාක් දියුණු වෙලා තියනවා.අපේ බිස්නස් රැදිලා තියෙන්නේ අපේ වැඩේ අනුව තමා ඉතින් කට වචනයේන් තමා ප්‍රචාරණය දෙන්නේ.20150112_094333

ග්‍රේස් සැලෝන්
grace salon


මේ ක්ෂේත්‍රය වෙනුවෙන් පිහිටුවා ගත් සමිති සංවිධාන එහම තියනවාද
?
මම දන්න තරමින් නම් සමිතියක් තිබුනා අපේ තාත්තලාගේ කාලේ ඒ
1950, 1960ඒ කාලේ වගේ. එතකොට තිබුනා ගමේ එක මිළක් හා නගරයේ තව මිලක්. එතකොට හැමෝම ගත්තේ එක මිලයි ඒත් දැන් ඒක් කරන්න බැහැ මොක්ද මේක ස්වයං රැකියාවක් ඒ වගේම දැන් මේ ක්ෂේත්‍රයේ ගොඩාක් අය ඉන්නවා ඒක නිසා ඒ වගේ දේයක් කරන්න අමාරුයි.

IMG_7894

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here