ඉසුරු සොයා විදෙස්ගත වූ අපේ ඉරනම මෙසේ වූයේ ඇයි?

0
323
79418356මිලානෝ නගරයේ රැකියා කල මා දන්නා හඳුනන සොයුරියකට පසුගිය මාර්තු සිට රැකියාව අහිමි වී කතෝලික දේවස්ථාන අනුබද්ධ නවාතැනක ජීවත් වන අතර ඇය ට ලංකාවට යාමට නොහැකි ව ඉමහත් පීඩනයක සිටී.ඒ අතරේ ශ්‍රීලංකා වේ වෙසෙන ඇගේ අක්කාද තදබල අසනීපයකට ලක් වූ බැවින් මැයගේ අවශ්‍යතාවය තීව්‍ර විය.එහෙත් මේ දක්වා ඇයට යාමට මගක් නොමැති විය.
ඔය අතරේ මැයද යම් අසනීප තත්වයකට පත්වී ශල්‍යකර්මය ක් ද කර ගැනීමට අවශ්‍ය බව වෛද්‍ය වරුන් ගේ නිගමනය වී ඇතත් ඇය බලාපොරොත්තු වන්නේ එම ශල්‍යකර්මය ශ්‍රීලංකා වටම ගොස් සිදු කර ගැනීමටය.
මෙම මානසික පීඩනය හමුවේ හැඬූ කඳුලින් මව්බිමට යාමට නොහැකි ව දිවි ගෙවන ඇගේ අක්කා මීට පැය කීපයකට පෙර මෙලොවින් සමුගෙන ඇත.වහාම ශ්‍රීලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයට ගොස් දන්වන ලෙස මම ඇයට උපදෙස් දුනිමි.ඒත් ඇයට යාමට ලැබේවිද යන සැකය මා තුල ඇත.ඉසුරු සොයා විදෙස්ගත වූ අපේ ඉරනම මෙසේ වූයේ ඇයි??????????????

ලෙස්ලි ලෝව් වර්ණකුළසූරිය – මිලානෝ