ඉහල ගිය ඉන්ධන මිළ හේතුවෙන් භාණ්ඩ,සේවා මිළත් වැඩිවෙයි…

0
132
wp 1653355150306

අද(24) අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කො ඉන්ධන මිල යලි ඉහල දමා ඇති.බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒ අනුව රුපියල් 337ක් ව පැවති 92 වර්ගයේ පෙට්‍ර්ල් ලීටරයක නව මිල 420ක් ලෙසද , රුපියල් 373 ක් ව පැවති 95 වර්ගයේ පෙට්‍ර්ල් ලීටරයක නව මිල 450ක් ලෙසද , රුපියල් 289ක් ව පැවති ඕටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400ක් ලෙසද , රුපියල් 329 ලෙස පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් ලෙසද මිල ඉහල දමා තිබේ.

මේ අතර IOC ඉන්ධන මිළද මේ වන විට ඉහල දමා ඇත.

ඉහල ගිය ඉන්ධන මිළ හේතුවෙන් භාණ්ඩ හා සේවා රැසක මිළ අනිවාර්යයෙන්ම ඉහල යනු ඇත.දැනටමත් දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බහුදින ධිවර කර්මාන්තයට ඩීසල් මිළ ඉහල තවත් මරු පහරක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here