ඉහළින් ලැබෙයි ඉඩ ! නත්තලට හැදෙයි කඩ !

0
55

street block 2

(7.45 am ) මීගමුව  යනු  විශාල  පාරිභෝගික  පිරිසක්  නිතර  ගැවසෙන  නගරයකි. මේ  නත්තල්  උත්සව  සමය  නිසා  මේ නගරයට  ඉස්පාසුවක්  නැත.  ඒනිසා  මගීන්ගෙන්  සහ  වාහනවලින්  මාර්ග  පිරී  ඉතිරී  යයි. එසේ  තිබියදී  වවිධ  ප්‍රදේශවලින්  පැමිණෙන  වෙළෙන්ඳන්   තමන්ට  ගතමනාවක්  සොයා  ගැනීම  උදෙසා  තැනින්  තැන පදික  වේදිකාව  අල්ලා ගනිමින්  විවිධ  වෙළඳ භාණ්ඩ  තබාගෙන  විකුණති.  එමෙන්ම  ස්ථිර  කඩ  හිමියෝ ද  තමන්ගේ  කඩය  ඉදිරිපිට   පදික වේදිකාවද  යොදා  ගනිමින්   වෙළඳාම්  කරති. මෙවැනි  කඩ  ස්ථාන  කිහිපයකම  දක්නට  ඇති  අතර  කෲස්  පාරේ ,   දුම්රිය  ස්ථානයට  වැටෙන  පාර  දෙපස  සහ  එම  හංදියේ  කඩද  ඇතුළුව  ස්ථාන  කිහිපයකම  කඩ  සඳහා  පදික වේදිකාවේ  ඉඩ කඩ භාවිතා  කර ඇත.street block 1

පදිකවේදිකාව  නියමිත වන්නේ   පදිකයින්ට  ගමන්කිරීම  සඳහාය. මීගමුවේ  පවතින  මාර්ග  නීති  පිළිබඳ  අක්‍රමවත් බව  නිසා  නිතර  තදබදයක්ද  පවතී. මේ  අතර  වෙළඳ  සංගමයේ  මැදිහත්වීමෙන්  වන්වේ   නීතිය  ඉවත්කරගැනීම  නිසා  මෙම  තත්වය  තවත්  උග්‍රවේ.  එසේම  පදික වේදීකාව  අල්ලා  බඩුදමා  කරන  අවහිරය  විසින්  මෙකී   තදබදය  දෙගුණ  තෙගුණ  කරයි.  මේ  ගැන  පොලිස්  නිලධාරියෙකුගෙන්  විමසූ  කළ  ඔහු  ප්‍රකාශකළේ  අපිට  කිසිවක්  කළ  නොහැකි  බවත්,  ඉහළින්  ලැබෙන  අණට  අනුව   මේ  සියල්ල  සිදුවන  බවත්ය.

ජනතාව  පීඩාවට  පත්කරමින්  සිදුවන  මෙවැනි  කටයුතු  නත්තල  පිට  දමා  ගැලවෙන්නට  සමහර  අය  උත්සාහ  කරති.  මේ  පිළිබඳ  ප්‍රධාන  වගකිවයුත්තා  වන   නගරසභාව  නිහඬවය.  පොලීසිය  නිහඬ  කරවා  ඇත. ඔවුන්ට   ගොළුවන් බිහිරන්සේ  පාර  අයිනට  වී  බලා සිටීම  හැර  වෙන  කිසිවක්  කළ  නොහැක. වැටත්  නියරත්  ගොයම්  කා  නම්  කාට  කියමිද  මේ  අමාරුව  කියා  ජනතාවට  කියන්නට  සිදුවී  ඇත.