ඊමේල් මගින් පැමිණෙන වෛරසයක් සර්ට් ආයතනයෙන් හදුනාගැනේ.

0
59
computer-virus-2-638
ඊමේල් හරහා ඔබගේ පරිඝණකය වෙත පැමිණ පරිඝණකයට බලපෑම්  ඇති කල හැකි වෛයිරසයක් පිලිබදව වාර්ථා වන බව සර්ට් (CERT) ආයතනය පවසනවා. මේ ආකාරයේ සිදුවීම් 5ක් මේ වන විට සර්ට් ආයතනයට වාර්ථා වී ඇති අතර ඊමේල් ලෙස පැමිණෙන මෙම වෛරසය පරිඝණකයට තුල් වීමෙන් පරිඝණකයට බාධා ඇති වන බවයි සර්ට් ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂඛ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ. දැනට වාර්ථා වී ඇත්තේ සිදුවීම් 5ක් පමණ වූවත්,මේ වන විට වාර්ථෘ නොවූ සිදුවීම් තවත් දිවයින පුරා පැවතිය හැකි බවත් ඒ මහතා පවසනවා.
මෙ වෛරසය පරිඝණකයට ඇතුළු වූ පසු පරිඝණකයේ ඇති සියළුම දත්ත, තොරතුරු හා වීඩියෝ පවා ඔබට භාවිතයටගත නොහැකි කේතයක් බවට පත්වන බවයි සර්ට් ආයතනය පවසන්නේ. මෙලෙස හානි වූ දත්තයන් හා තොරතුරු නැවතත් භාවිතයට ගත හැකි පහසු ක්‍රමයක් මේ වන තෙක් සොයාගෙන නැති අතර පරිඝණකය ෆෝමැට් කර පරිඝණකයෙේ මෙහෙයුම් පද්ධති නැවතත් ස්ථාපනය (Install)කිරීම පමණක් මේ වන විට පිලියම් වශයෙන් භාවිතායට ගැනෙනවා.
මේ වෛරසය මේ වන විට “රැම්සන්වෙයාර්” (‘ransomware’) වශයෙන් නම් කොට ඇති අතර එලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ වෛරසය මගින් හානි වූ දත්තයන් නැවතත් වථා තත්වයට පත් කිරීමට මෙහි නිර්මාණකරුවන් විසින් කප්පන් ඉල්ලීමයි. නමුත් තම පරිඝණකයට මේ වෛරසය ඇතුළු වූ පිරිස්  විසින් ඒ කප්පම් ප්‍රමාණය ලබා දුන්නත් එහි නිර්මාණකරුවන් විසින් හානි වූ දත්තයන් යථා තත්වයට පත්කිරීමේ සිදුවීමක් මේ වන විටත් වාර්ථා වී නැහැ.
එම නිසා පුවත්,වීඩියෝ හෝ ලොතරැයි දින්ම් වශයෙන් සදහන් වෙමන් ඔබගේ පරිඝණකය වෙත පැමිණෙන ඊමේල් පණිවිඩ විවෘත කිරීමට පෙර වඩාත් සැලකිලිමත් වන ලෙස චන්ද්‍රගුප්ත මහතා පවසනවා. එලෙසම ඔබ පරිඝණකේ ඇති සියළුම වැදගත් දත්තයන් වෙනත් බාහිර ගබඩාවක් තැන්පත් කරන ලෙසත් එතුමා ජනතාවට දැනුම් දෙනවා.
එලෙසම දත්තන් වෙනත් ගබඩාවක තැන්පත් කිරිමේදි ඊමේල් භාවිතාකරමින් එය නොකරන ලෙසටත් දැනම් දෙන ඔහු පවසන්නේ පරිඝණකයේ ඇති වෛරස් ගාඩ් මෘදුකාංග සියල්ලම යාවත්කාලීන කර තබාගන්නා ලෙසටයිතඇතැම් වෛරස්ගාඩ් මෘදුකාන්ගයන්ට මෙම වෛරසය පරාජය කල හැකි බවට වාර්ථා වන නමුත් මේ වන විට මෙරටින් වාර්ථා වී ඇති සිදුවීම් වලදී එම පරිඝණක වල වෛරස්ගාඩ් මෘදුකාංගන් යාවත්කාලීනව පැවැති බවත් එතුමා පවසනාවා.
http://www.dailymirror.lk ඇසුරිණි.