ඊයේ දිනයේ වාර්තා වු කොරෝනා රෝගින් ගණන 931 ක් !

0
262

ධනාත්මක COVID-19 රෝගීන් 931 ක් අද වාර්තා වී ඇති අතර, එම රෝගීන් 99,691 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,021 දක්වා ඉහළ ගොස් තිබේ

අද දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව සෞඛ්‍ය බළධාරිහු පවසති

මිට පෙර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා වන අතර එදින වාර්තා වූ ආසාදිතයින් ගණන 976ක

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,691ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 5,021කි.

මේ අතර කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බබවත් ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමාන බවද සෞඛ්‍ය අංශ විසින් අනතුරු අගවා තිබේ.

මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ ශ්වසන අපහසුතා වාර්තාවීමත් දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කිරීමට සිදු වීමත් දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයක.

මෙවැනි පසුබිමක් තුළ අන්කවරදාකටත් වඩා රෝග නිවාරණ කටයුතු අකුරටම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් මතු තිබේ.