ඊයේ මාලිංගගේ කඩුල්ලෙන් පසු තවත් නොබිදෙන ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාවට

0
74

ඊයේ(01) දිනයේදී නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු 20/20 තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියද නැවතත් තරගකාරී ක්‍රීඩා විලාශයක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිස්වීම ක්‍රීඩාලෝලීන් කාගේත් පැසසුමට ලක්විය.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග 20/20 තරගමාලාවේ වැඩිම කඩුළුලාභියා බවට පත්වූයේ මින් පෙර එම වාර්තාවට හිමිකම් කිවු පාකිස්ථානයේ ශහිඩ් අෆ්රිඩි අභිබවා යමිනි. ඒ අනුව මේ වන විට මාලිංග කඩුළු 99ක් ලබාගනිමින් 20/20 පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටියි.

ඊයේ දිනයේදී මාලිංග තමන් සතු කරගත් මෙම වාර්ථාවත් සමග සියළුම ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරවල පිරිමි අංශයේ වැඩිම කඩුළු ලාභීන් තිදෙනාම ශ්‍රී ලංකිකයන් බවට පත්වී තිබීමද විශේෂත්වයකි.ඒ අනුව ටෙස්ට් හ එක්දින වැඩිම කඩුළුලාභියා වශයෙන් මුත්තයියා මුරලිදරන් හා විස්සයි විස්ස වැඩිම කඩුළුලාභියා වශයෙන් ලසිත් මාලිංගගේ නම් සටහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් තැබූ මෙම වාර්ථාව බිද හෙළීමටනම් ඉදිරියේදී කිසිවෙකුටවත් නොහැකි වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.

FB_IMG_1567388135482