උකුස්සාට නගරාධිපති දයාන්ගෙන් කැපිල්ලක් ? බස්නැවතුමේ මෙහෙයුම් කුටියත් අයින්කරගන්න කියලා ?

0
99
උකුස්සා මෙහෙයුම් මධ්‍යස්ථානය බස්නැවතුමේ ආරම්භ කළ දා
උකුස්සා මෙහෙයුම් මධ්‍යස්ථානය බස්නැවතුමේ ආරම්භ කළ දා

උකුස්සා 3

මීගමුව නගරයේ ආරක්ෂාවට අතිරේක සහයක් ලබාදෙමින් වසර ගණනාවක් පුරාවමට ක්‍රියාත්මක වු නගර ආරක්ෂිත විශේෂ වැඩපිළිවෙල වු උකුස්සා සිය මෙහෙයුම් කාර්යාලය පවත්වාගෙන යනු ලැබුවේ මිගමුව බස්නැවතුම් පළ තුලදිය.
එහෙත් පසුගිය දිනක නගරාධිපති දයාන් ලංසා විසින් ඒ මෙහෙයුම් කාර්යාලයට ලබාදි තිබුණ ඉඩකඩ වෙනත් කටයුත්තක් සදහා යෙදවිමට පියවර ගැනිම හේතුවෙන් දැන් උකුස්සාට කාර්යාලයක් අහිමි තත්වයක් නිර්මාණය වි තිබුණි.
මිගමුව නගරය තුල එක පිට එක සිදුව තිබුණ විවිධ ගණයේ මංකොල්ලකෑම් හේතුකොට ආරක්ෂාව සදහා මුලු නගරයටම CCTV කැමරා සවි කළ යුතුයැයි එදා යෝජනා කර සිටියේද නිමල් ලංසා විසිනි.
ඒ CCTV කැමරා කෙසේ වෙතත් දැන් නගරයේ ආරක්ෂාව භාරව කටයුතු කරගෙන ගිය උකුස්සා කණ්ඩායමට යන එනමං නැතිකර තිබුනේද ලංසා පවුල විසින්මය.උකුස්සා 5උකුස්සා 6