උකුස්සා සිටින විට 7.30 කඩ වහන්නේ ඇයි?

0
47

මේ දිනවල රාත්‍රී 7.30 වන විට මීගමුවේ ව්‍යාපාරික ස්ථාන බොහෝමයක් වසන්නට ලකසෑත්තිවේ. මීගමුව නගරයට වෙනත් නගර වලින් ජනයා බොහෝසේ ඇදී එන්නේ  තමන්ට අවශ්‍ය විවිධ දේ කොළඹ නොගොස් මෙම නගරයෙන් ලබාගත හැකි නිසාය. අවසනාව වන්නේ දැන් රාත්‍රී 7.30 වනවිට කඩ වැසීම නිසා පාරිභෝගිකයන් ට වෙන්වන පැයක පමණ කාලයක් අහිමි වීමය. මෙම නිසා ව්‍යාපරිකයන්ටද පාඩුවක් සිදුවේ. කඩහිමියන් පාරිභෝගිකයන්ට පවසා ඇත්තේ පොලීසියෙන් අපට දැනුම් දී ඇත්තේ 7.30 වන විට කඩ වසන්නට කියා බවයි.  මේ වනවිට ආරක්ෂාව පිණිස  පොලිස් නිලධාරින් සමඟ විශේෂ වෑන් රථ දෙකක් නගරයේ සංචාරය කරයි. ඒ වෙනුවෙන් ජනතා මුදල් ද වැයවන අතර ව්‍යාපාරිකයන් ද මසකට රු 1000ක් වෙනුකරනු ලබයි. එසේ නම් මීගමුවේ ආරක්ෂාව වෙනුවෙන්  මෙවැනි වැඩපිළිවෙලක් තිබියදී නගරයේ ව්‍යාපාරිකයන් 7.30 වනවිට තම ව්‍යාපාර වසා ගෙදර යා යුතුද ? උකුස්සා වෙත තබා ඇති වගකීම කුමක් ද?
මේ ඡායාරෑප වලින් දිස්වන්නේ  මීගමුවේ එක්තරා ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට ගසා ඇති දැන්වීමකි. හිසවැසූ හෙල්මට් පැළද ඇතුළු වන්න එපා යන්න එහි සඳහන් කොට ඇත.  දැන් මීගමුව නගරය වෙනදා මෙන් නිදහස් තැනක් නොවේ. භීතිය , සැකය අනාරක්ෂාව අරක්ගෙනය. මෙම තත්ත්වය නිකම්ම ඇතිවූවා නොවේ. දැනට අවුරුදු කීපයක සිට නගරයේ ව්‍යාපාරික ස්ථාන රාත්‍රියේ,දවාලයේ සොරාකෑම් වලට ලක්විය. මහ දවල් යතුරුපැදි නැතිවෙන්නට පටන් ගත්තේය. චේන් කැඩීම් නිතර සිදුවිය. මේ කිසිදු සොරකමක් නවත්වන්නට මීගමුව පොලීසියට හැකිවූයේ නැත. ඒවායේ අවසානය නගරය මහත් භීතියට පත්කරන මහා සොරකම් වලින් කෙළවර වීමය.
හෙල්මට්