උගත් රාජ්‍ය නිළධාරින්ට පාට් දාන බයි දේශපාලනය !

0
125

thugs(5.20 am ) දේශපාලකයන් යනු අතිබහුතරයක් නුගතුන්ය. පාර්ලිමේන්තුවේ සිටින අතිබහුතරයකගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කර බැලිමම මෙයට අතිශය ප්‍රමාණවත්ය.
මෙය ප්‍රාදේශියකයන් කරා යන විට තත්වය තවත් භායනකය.
මේ අයගෙනුත් බයි දේශපාලකයන්ගේ හැසිරිම් අතිශය බියකරුය.
මෙයට උදාහරණ ඕනෑතරම්ය. ඌව පළාතේ මහඇමති තවමත් ජිවමාන නිදසුනක්ය.
මෙය වැඩිවශයෙන්ම බයිදේශපාලකයන් කරා දැන් රෝගයක් මෙන් පැතිර යමින් තිබේ.
මිගමුව තුල මෙහි ප්‍රධානියා වන්නේ නගරාධිපති දයාන් ලංසාය.
ඔහු වරක් මිගමුව මහනගර සභාවේ ලේකම්වරිය හැට කුණුහරුප කියා බැනබැදිම හේතුවෙන් ඇය රෝහල් ගත් කිරිමට පවා සිදුව තිබුනේ ඇගේ අධික රුධිර පිඩන තත්වයක් මතුව තිබුණ නිසාය.
ඒ ඔහු නියෝජ්‍ය නගරාධිපතිව සිටියදිය.
දැන් නගරාධිපතිය. මිගමුවේ ප්‍රධාන පුරවැසියාය.
තනතුරේ හැටියටවත් ආචාරශිලි විය යුතුය.
එහෙත් එසේ නැත.ටයි කොට් ඇන්දද වැඩ මහත්තුරුන්ට ගැලපෙන සේ නොවේ.
පසුගියදා  පැවැති රැස්විමකද උගත් නිළධාරිනියන් දෙදෙනෙකුට තග දැමිම සහ සමච්චල් කිරිම ඇත්තටම අවලංය.
මේවා පිළිබදව පළපුරුදු දේශපාලනඥයෙකු ලෙස නිමල් ලංසා විසින් හෝ කියා දිය යුතුව තිබේ.
එසේ නොවන්නේ නම් හැල්ලුවට ලක්වන්නේ ප්‍රධාන පුරවැසියා යැයි කියන මේ වැදගත් තනතුරය..