උණ බම්බුවේ ප්‍රාතිහාර්යය

0
175

bamboo-root-sculptures2-550x354
වියට්නාමයේ  කලාකරුවෙකු වන  හන් පෝහන් ඩූ විසින්  ඔහුගේ  කැටයම් නිර්මාණය පිළිබද කුසලතාව  හසුරුවමින් උණ බම්බු වලින්  අපූරුවට පුද්ගල රූප නෙලීමක නිරත වෙයි. දැනට වසර 7ක් තිස්සේ මෙම නිර්මාණකරනයේ යෙදෙන ඔහු  අතින් බෞද්ධ දර්ශනයට අයත් දෙවිවරු හා ලෝක ඉතිහාසයේ ශ්‍රේෂඨ පුද්ගලයන්  නිර්මාණය වී තිබේ.
පහලොස් වියෙහි පටන්  ඔහු සතුවූ මෙම කැටයම් නෙලීමේ හැකියාව මුදුන්පත් වී ඇත්තේ
මෙම උණ බම්බු නිර්මාණය සොයා ගැනීමත් සමගිනි.  වියට්නාමයේ ‘හොයි ඇන්’ ප්‍රදේශය වියට්නාමයේ ඇති ප්‍රකට උණ බම්බු ඇති ප්‍රෙද්ශයක්. මේ  ප්‍රදේශයේ ජිවත්වන ඔහුට දහසක් කැටයම් කරුවන් , හා නිර්මාණකරුවන් අතරින් සිය සුවශේෂි කම සනිටුහන් කිරීමට හැකිවූයේ මේ පිළිම නෙළීම ගැන උපන් සිතිවිල්ලෙන්.
දිනක්   උඩහා පළාත්වල ඇතිවූ ගංවතුරට ‘තු බෝන් ‘ ගඟ දිගේ  මේ උණ කොට පාවෙලා ඇවිත්  ඔහුගේ නිවස ඉදිරියේ  ගං ඉවුරේ  රැදුනා. මේ දර්ශනය දැකපු ඔහුගේ මනසට මෙවැනි නිර්මාණයක් මේ උණකොට වලින් කළ හැකියි යැයි හැගුනි.  එදින ආරම්භ කළ ඔහුගේ මෙ අපූරු කැටයම් කලාවට මේ වන විට වසර 7ක් ගෙවී ගොස් එය නගරයට ඇදෙන සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ප්‍රධාන  කර්මාන්තයක් වී තිබෙනවා. ඔහුගේම නිර්මාණ අළෙවිසැලක් තිබෙන අතතර  ‘හොයි ඇන්’ නගරයේ  අළෙවි හල් බොහෝමයක  ඔහුගේ නිර්මාණ දක්නය ලැබෙනවා.
දැන් මේ උණ කොට වලට  සැබෑ චරිතයක ,යථාරෑපී හැඩතල මැවීමක්  ගෙනදෙන්නේ කොහොමද කියන කාර්යයත් සමගම ඔහුගෙ දවස් ගෙවී යනවා. ඒ අතර  ‘හන් පෝහන් ඩූ’   මසකටමෙවැනි නිර්මාණ 200- 300 ත් අතර ගණනක් නිම කිරීමේ කාර්්‍යයේ යෙදී සිටිනවා.  මේවාට සංචාරකයින්ගෙන් හොද ඉල්ලුමක් තිබෙනවා. දැන් ඔහුගේ නිවස අද්දරට බම්බු කොට,මුල් ගොඩ ගසන්නේ නැතත් ඔහු අසල ඇති වනාන්ර වලින් මේ සම්පත් සොයා ගනීයි.

උපුටා ගැනීම -http://www.odditycentral.com