උතුම් ආගමික වත්පිළිවෙත් ” සංදර්ශන ” බවට පත්කරන මිගමුවේ දේශපාලකයෝ …

0
479

 

120661762_2763439383980410_6705928749442116763_o120725187_2763439743980374_7341987834840422277_o

රටට සහ පුරවැසියන්ට සෙත් පාතා යැයි ලේබල් අලවා පිරිතට ඇරුයුම්පත් යැයි තුන්වනි පංතියේ කොමසාරිස්වරිය
රටට සහ පුරවැසියන්ට සෙත් පාතා යැයි ලේබල් අලවා පිරිතට ඇරුයුම්පත් යැයි තුන්වනි පංතියේ කොමසාරිස්වරිය

නගරාධිපති දයාන් ලංසා සිය ෆෙස් බුක් පිටුවේ සටහනක් තබමින්  කියා තිබුනේ රටටත් ලෝක වාසී සියළු දෙනාටත් සෙත් පතා මීගමුව මහා නගර සභා සේවක මහතුන්ගේ දායකත්වයෙන් ඊයේ දින ( ඔක් 03 )නගර සභා පරීශ්රයේ පැවැත්වූ සර්ව රාත්රික පිරිත් සජ්ජායනය අවසන් කරමින් ගරුතර මහා සංඝයාවහන්සේලා වෙනුවෙන් සාංගික හීල් දානය පූජාකල  බවය
මේ අතර මෙම පිරිතට ඇරයුම් පත් යවන මිගමුව නගාරික කොමසාරිස්වරිය  සදහන් කර ඇත්තේද රටට සහ පුරවැසියන්ට සෙත් පැතිම වෙනුවෙන් පිරිතක් මහනගර සභා පරිශ්‍රයේ පවත්වන බවය.
එහෙත් කටුක ඇත්ත නම් මේ පිරිත (දේශපාලනික ආගමික සංදර්ශනය)  සංවිධානය කිරිම පිටුපස තිබුනු එකම ඇත්ත නම් ඔක් 04 වෙනිදාට යෙදුන නගරාධිපති දයාන් ලංසාගේ උපන් දිනයයි.දයාන් ලංසාගේ උපන් දිනය
රටට පුරවැසියන්ට සෙත් පතා යැයි ලේබලයට මුවාවි සැබැවින්ම ඒ මහනගර සභා පරිශ්‍රයේදි පැවති පිරිත යනු දේශපාලනික ආගමික  වැඩසටහනකි.එනම් උතුම් බොදුනු වත්පිළිවෙතක් දේශපාලන සංදර්ශනයක් බවට පත් කරගැනිමකි120732514_2763439793980369_7701249844769476315_o
මේ පිරිත තුල සංදර්ශන පවත්වන දේශපාලකයන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේද  වතගොත සලකා බලන කළ එය වඩාත් පැහැදිලිය.(ඒ බහුතරයක් දෙනා සැබැවින්ම කතෝලිකයන්ය)
නගරාධිපති අයියාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වෙනුවෙන් මහනගර සභාවේ භාණ්ඩාගාරය හිස් කළ නගරාධිපති මල්ලි මෙන්ම ඒ මල්ලිට අතදිගහැර කුජිත සහයක් ලබාදෙන තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය එක්ව පැවැත්වු මේ පිරිත යනු අගාමික වත්පිළිවෙත් වලට මුවා වි පැවැත්වු තවත් එක් දේශපාලන සංදර්ශනයක් මිස අන් කවරක්  වත් නොවේ.බේදවාචකය නම් මේ සංදර්ශන ගැන විවේචනාත්මකව කථාකරන්නට කොන්ද පණ ඇති විපක්ෂයක් මිගමුවට නොමැතිවිමය.
තමන්ගේ නිවෙස්වල නිමල් ලංසාට මෙන්ම දායන් ලංසාට සිය මුදල් වැය කරමින් දිනපතා හෝ පිරිත් සංවිධානය කිරිමට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් සේවයක්ගේ දායකත්වයෙන් , රටට සෙත්පතා පුරවැසියන්ට සෙත්පතා යැයි කියමින් මහජන දේපල අවභාවිතා කරමින් සිය දේශපාලනික චරිත බුම්බා ගැනිමට ආගමත් මහජන දේපලත් පහත් අන්දමින් භාවිතා කිරිම විවේචනය කිරිමට  සැබෑ පුරවැසියන්ට සැබැ අයිතියක් ඇත. අවාසනාවකට මිගමුවේ එවැනි පුරවැසියන්ද දැන්නම් නැති තරම්ය
120701974_2763439367313745_5277089437652706060_o
උතුම් ආගමික වත්පිළිවෙත මේ වන විට දේශපාලකයන් විසින් සංදර්ශන බවට පත්කරගෙන ඇති ආකාරය උතුම් බුදු පුතුන් වන කාගම සිරිනන්ද හිමියන් වැනි අය විසින් අද ලෝකයාටම දැනෙන්ට කියා දෙමින් සිටින රටක වෙනදාටත් වඩා සැබැ බුදු දහම ගැනත් සංදර්ශණාත්මක බුද දහම ගැන බොදුනු අයට මෙන්ම බොදුනු නොවන අයට මනා වැටහිමක් ලැබි තිබේ.
කාගම සිරිනන්ද හිමියන් මැතකදි කියා තිබුනේ අද වැනි දවසක කලාවැව හදන්නට දැන් ඉන්න අයට භාර දුන්නාම කලාවැව පොල්කට්ටක් තරම් වි ඒ වැව හැරු කෙනාගේ නිවස කලාවැව තරම් විශාල එකක් වනු ඇති බවය.
කාගම හිමියන්ගේ ඒ මසුරං කියමන මිගමුවේ මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලකයන් වෙනුවෙන්ම කියැවුන බුදු බණක් වැනිය.
දකිල ප්‍රනාන්දු
පෙරියමුල්ල