උතුමාණෙනි, අර්බුදය නිමාවිය…??

0
108

(Wennappuwa)

මේ දිනවල   වෙන්නප්පුව ආසනය පුරාම අළුත් ආකාරයේ පෝස්ටරයක් ඇලවි තිබේ. බැලුබැල්මට එය පුද්ගලික පංති පෝස්ටරයක අකෘතියට සමානය. මෙහි වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ එහි ඇතළත් සටහනය.

උතුමාණෙනි ස්තුතියි

අර්බුදය නිමාවිය.

වෙනසකට වැඩක් කරන සුසන්ත

මේ පෝස්ටරය පිළිබදව මේ දිනවල  වෙන්නප්පුව ප්‍රදේශය තුළ කථාබහට ලක්වෙමින් තිබේ. මෙය අලවා ඇත්තේ මෙවර වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවට ආණ්ඩු පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකි. මෙහි උතුමාණෙනි යනුවෙන් හදුන්වා ඇත්තේ කාවද…?  අයෙකු සිතිය හැක්කේ නාමයෝජනා පිළිබදව නඩුතින්දුව ලබාදුන් නඩුකාරඋතුමාණන් ගැනය. එහෙත් එසේ නොසිතන්නට හේතුවන කරුණු දෙකක් ඇත.

1 මෙවන් නඩුවක තින්දුව ගැන නඩුකාරතුමන් වෙත ස්තුතියි කිම තුල අදාළ  මන්ත්‍රිවරයා විසින් විනිශ්චයකාරතුමන් පාර්ශික භාවයට ලඝුකොට ඇත.

2  අර්බුදය නිමාවිය යනුවෙන් නඩුකාරතුමන් වෙත කියන්නට කිසිවිටකත් අවැසි නොවේ. හේතුව නඩුකාරතුමන්ගේ සුසන්තගේ දේශපාලනය හා කිසිදු අයුරිකින් බැදුනු අයෙක් නොවේ. මේ අනුව මෙහි උතුමාණෙනි යනුවෙන් මේ අපේක්ෂකයා දක්වන්නේ කාවද ?

ඉතා පැහැදිලි ලෙසින් ජනාධිපති තුමන්වය. ඒ අනුව ඉගිකෙරෙන්නේ  නඩුතින්දුව ලැබි අර්බුදය නිමාවිම ගැන ස්තුති යැයි කියන බැවින් ජනාධිපතිවරයා මේ තින්දුව ලාබදිමට මැදිහත්ව ඇති බවකි.  එසේ නම් මේ උතුමාණන් යැයි ආමන්ත්‍රණය කර ඇත්තේ ජනාධිපතිවරයාවයි. දැන් මේ සුසන්ත මහතා තම ප්‍රෙද්ශයේ ජනතාවට පවසන්නේ නීතිය, සාධාරණත්වය යනු  ජනධිපතිවරයාට හෝ ඕනෑම පුද්ගලයෙකුට  යටත් කළ හැකි දෙයක් බව ද ?