උතුරට මැතිවරණ උනන්දුවක් නෑ! TNA එකත් නිහඬයි?

0
91

TNA_Sajith-Jaffna-1එළඹෙන ජනපතිවරණය ගැන උතුරේ ජනයා හට එතරම් උනන්දුවක් ඇති බවක් නොපෙනේ .මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින උතුරේ මාධ්‍යවේදින්ට අනුව උතුරේ ජනයාගේ පැහැදිලි විරෝධයක් ගෝඨාට පිලිබදව තිබුනද පොදුවේ මැතිවරණය ගැන ඇත්තේ ඉතාමත් ඇල්මැරුන තත්වයක් බවය.මේ අතර දෙමළ ජාතික සන්ධානය තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැත.ලංකා නිව්ස් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළකරමින් පවසා සිටින්නේ දෙමළ ජාතික සන්ධානය කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදක්වා ස්වාධීන වීමට බොහෝදුරට ඉඩ ඇති බවය.2015 වසරේ මෛත්‍රීපාල  සිරිසේන සිය ධුරයට පත්වන්නේ උතුරේත් නැගෙනහිරත් ජනයා පැහැදිලිවම රාජපක්ෂලාට එරෙහිව තීන්දුවක් ගෙන උද්යෝගිමත්ව ඡන්දය දිම නිසාය.එහෙත් දැන් එවැනි පසුබිමක් දකින්නට නැත.ගෝඨාභයට එරෙහි සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණිමට නම් උතුරේත් නැගෙනහිරත් ජනයා ඡන්ද පොලට ගෙනඒමේ උනන්දුව ඇතිකළ යුතුව තිබේ.එහෙත් දෙමළ ජාතික සන්ධානය ස්වාධීන විමට තීන්දු කරන්නේ නම් එය හංස පෙරමුණට දැවැන්ත අභියෝගයක් නිර්මාණයක් කර තබනවාට සැක නැත.ඒ අභියෝගය ජයගැනිම ගැන ඉක්මන් වැඩපිලිවෙලක් අවැසිව තිබේ.