උතුරු අහස අසිරිමත් කළ සරුංගල් සැණකෙලිය !

0
343

Kaits Festivel 5දෙමළ සංස්කෘතිය අරමුණු කොට යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණි.යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹිමට මෙවර අතිවිශාල ජනතාවක් සහභාගී විමද විශේෂ විය.

වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ බොහෝ සරුංගල් නිර්මාණකරුවන් රැසක් සහභාගී වි  සිටියහ.

දෙමළ සංස්කෘතියට අයත් සංගීත භාණ්ඩ මෙන්ම එම  සමාජයේ විවිධ වූ අංගයන් විදහා දක්වමින් ඉතා අලංකාර වූ සරුංගල් නිර්මාණය කොට තිබූ අතර දෙමළ සංස්කෘතියට අමතරව යුද සමයේදි  උතුරු ප්‍රදේශයේ ජනතාවට දැක ගත හැකි වූ ගුවන්යානා හා විවිධ වූ උපකරණද නිර්මාණය කොට උඩුගුවන්ගත කොට තිබුණි.