වැල්වැටිතුරෙයි ප්රාදේශීය සභාව ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ බොහෝ සරුංගල් නිර්මාණකරුවන් රැසක් සහභාගී වි සිටියහ.
දෙමළ සංස්කෘතියට අයත් සංගීත භාණ්ඩ මෙන්ම එම සමාජයේ විවිධ වූ අංගයන් විදහා දක්වමින් ඉතා අලංකාර වූ සරුංගල් නිර්මාණය කොට තිබූ අතර දෙමළ සංස්කෘතියට අමතරව යුද සමයේදි උතුරු ප්රදේශයේ ජනතාවට දැක ගත හැකි වූ ගුවන්යානා හා විවිධ වූ උපකරණද නිර්මාණය කොට උඩුගුවන්ගත කොට තිබුණි.