උතුරු පළාතේදී ප්‍රජා නාට්‍ය රඟදක්වන්නන් සදහා අයදුම්පත් කැදවීම

0
191

ශ්‍රී ලංකා ප්‍රජා නාට්‍ය වැඩසටහනේ අවසාන අදියර උතුරු පළාතේදී   ප්‍රජා නාට්‍ය රඟදක්වන්නන් සදහා අයදුම්පත් කැදවීම

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද ප්‍රජා නාට්‍ය වැඩසටහනෙහි සිව්වන හා අවසාන පියවර  නැගෙනහිර, දකුණ, මධ්‍යම, උතුරුමැද, බස්නාහිර අධ්‍යාපන අමාත්‍යංශ හා සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලය සමග එකට අත්වැල් බැද ගනිමින් උතුරු පළාතේ දියත් කිරීමට නියමිතය.

මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ තරුණයන් අතර කතිකාවතක් ඇති කිරීමට අනුබල දීම, තරුණයන් අතර බහුවිධ වෙනස්කම් සදහා ගරු කිරීමට සැලැස්වීම, ඉවසිම ප්‍රගුණ කිරීම, ප්‍රචණ්ඩත්වය දුරු කිරීම හා විවිධත්වය ඇති කිරීම යන කාරණා වලට අනුබල දීම වේ. එමෙන්ම මෙම ප්‍රජා නාට්‍ය මගින් තරුණ පරම්පරාව තුල ඇති නවීන, නිර්මානාත්මක අදහස් හා එම අදහස් මගින් මගින්  ප්‍රතිසංධානය ඇති කිරීමට අනුබල දීම සිදුවේ යැයි බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය දැනටමත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා යාපනය විශ්ව විද්‍යාලය සමග මෙම කර්තව්‍ය ඉදිරියට ගෙන යාම සදහා අත්වැල් බැදගෙන සිටිති.

තරුණ ප්‍රජා නාට්‍ය රඟදක්වන්නන් සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායම් පුහුණු කරුවන්හට  මෙම වැඩසටහනට අයදුම් පත් එවීමට විශේෂ අනුබලදීමක් සිදුකෙනෙන අතර සිංහල, මුස්ලිම්, දෙමළ සහ ක්‍රිස්තියානි යන සියලු ජන වර්ග නියෝජනය කරමින් රගදක්වන්නන් 48ක් තෝරාගැනෙන අතර ඔවුන්හට වෘත්තීමය පුහුණුවක් ලබා දිමටද කටයුතු සංවිධානය කර ඇත. වව්නියා, මන්නාරම, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශ වල අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබෙනු ඇත.මෙම වැඩසටහනට සම්බන්ද වීමට කිසිදු මුදලක් ය නොකෙරේ.

පුහුණු වැඩසටහන දින 10ක් පුරා සති අන්ත වලදී පැවැත්වීමට නියමිත අතර පසුව ප්‍රජා නාට්‍ය රඟදැක්වීම් 40ක් දිස්ත්‍රික්ක 4 ක තෝරාගත් ගම්මානවල වේදිකා ගත කිරීමට නියමිතය.

රාජ්‍ය සංවිධාන, ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ  තරුණ සංවර්ධන අංශ වල සහය ඇතිව පරිවර්තනය සදහා ප්‍රජා නාට්‍ය වල ඇති වැදගත්කම මෙයෙන් උපදේශන ග්‍රන්ථයක් එළිදැක්වීමටද ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංගමය කටයුතු සුදානම් කර ඇත.

ඔබත් මෙම කර්තව්‍යට සහභාගී වීමට කැමතිද? එසේනම් ඔබගේ ජිවදත්ත වාර්තාවක් info@LDJF.org මෙම      ඊ -මේල් ලිපිනයට යොමු කරන්න. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2017   මැයි මස 15 වැනිදා වේ.
as1

as2

unnamed