උතුරු පිටිපන පවුලක් හදිසි PCR පරික්ෂණයක් සඳහා මීගමුව රෝහලට..?

0
155

Covid-testමීගමුව උතුරු පිටිපන දූපත් අංක 1 ධිවර ව්‍යාපාරිකයෙකු පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වි තිබි ඇත්තේ පෑලියගොඩ මාළු වෙළද සැලත් සමඟින් පැවති තිබුන ව්‍යාපාරික සම්බන්ධතා හේතුවෙනි.
ඒ පවුලේ බිරිඳ මෙන්ම තවත් දරුවන් දෙදෙනෙකුටද රෝග ලක්ෂණ මේ වන විට මතුව තිබිමත් හේතුකොට ගෙන ගිලන් රථයක් පැමිණ ඒ සියළු දෙනාවම  PCR පරික්ෂණ සදහා මිගමුව රෝහලට  රැගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.
මේ පවුලේ දියණිය උසස් පෙළ විභාගයට පෙනි සිටින අයෙකු වන අතර පියාගේ ආසාදිත තත්වය දැනගැනිමෙන් පසු ඇය වෙනනම කාමරයක සිට විභාගයට පෙනි සිට ඇතැයිද සැලය.
මීගමුවේ ධිවර ව්‍යාපාරිකයන් හා පිටිපන මහලෙල්ලමේ සියළු දෙනාවද පසුගිය සිකුරාදා  PCR පරික්ෂණ සඳහා භාජනය කර තිබුණ අතර එහි වාර්ථා මේ වන තුරුත් ලැබි නැතිබවද වාර්ථාවේ.
මේ අනුව 320 දෙනෙකුගේ  PCR පරික්ෂණ දින 3 ක් යන තුරුත් ලැබි නොතිබිම ගැන තලාහේන පේරුවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ මේ පිරිස  අතර පෑලියගොඩ හා සෘජු ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වු 100 කට ආසන්න ප්‍රමාණයක් සිටින නිසාය බවද කියැවේ