ඒ උත්සවයේ විශේෂත්වයක් තිබුණී. උත්සවය සංවිධානය කර තිබුණෞ් ගමේ වැඩිහිටි සමිතියයි.
ඔවුන් මෙම උත්සවය පැවැත්වූයේ ගමේ වැඩිහිටි සමිතියට ලැබුණ නව ගොඩනැගිල්ල විවෘතකිරීම
උදෙසායි. ඒ අවස්ථාව ඉතාම උත්සවාකාරයෙන් සමරන්නට මේ වැඩිහිටි සමිතියේ සියලු දෙනා
ලෑස්ති වී සංස්කෘතික අංගත් එකතු කර තිබුණහ. එම සංස්කෘතික වැඩසටහන් ඉදිරිපත් කළේ
සමිතියේ වැඩිහිටියන් විසින්මය. ඉතාමත් සතුටින් එම අවස්ථාවට ඔවුන් සහභාගී වී ගීත ගායනා හා
රංගන ද ඉදිරිපත් කළ අතර මෙම උත්සවය අවස්ථාවේදී ඔවුන්ට ආහාර මල්ලක්ද ත්‍යාග
කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන් වූයේ පිටිපන මීසම්පාලක පියතුමා,
පළාත් සභා මන්ත්‍රී පෝල් පෙරේරා ,ජලජ සහ ධීවර සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ
ලේකම් ජූඩ් මහතා ,ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහ සමිති නියෝජිතවරයන්ය.
සටහන – මාරි ජීවනී