උතුරේ අරගල ගැන නෑසුකන්ව සිටින දකුණට ,සහෝදරත්වයේ දෑත් යළි දිගු වෙයි

0
352

278235746 2372098386264823 7389354132334930706 nදකුණේ අරගලයට උතුරේ සහය නැත්තේ ඇයිදැයි වරින් වර බොහෝ දෙනා විමසා සිටින අයුරු දුටිමු. මේ ගැන කදිම පිළිතුරක් ජාතික ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නිතිඥ එම් සුමන්තිරන් විසින් පසුගිය දා සිදුකර තිබුණි.
උතුරේ තරුණයෝද මෙයට සිය සහෝදරත්වයේ දෑත් දිගු කරන බවත්, දකුණේ අරගලකරුවන් උතුරු නැගෙනහිර ජනයාගේ ප්‍රශ්ණය පිළිබදව කියන්නේ කුමක්දැයි විමසා සිටියේය.

මේ අතර ඊයේ සවස යාපනයේ විශ්ව විද්‍යාල තරුණයන් පන්නායි පාලම අසලදි දකුණේ අරගලයට සහය පතා විරෝධතාවය නියැලුණි.
ඒ් ගැන සදහන් කිරිම් රැසක්  දකුණ විසින් කර තිබුන අයුරුද දුටිමු.
එහෙත් දමිල මුස්ලිම ජනයා 2021 පෙබරවාරි මුල සතියේ නැගෙනහිර සිට දින 6 ක් පුරා උතුරට ගිය පා ගමන ගැන දකුණේ බොහෝ දෙනෙකු සිටියේ මුනිවත රකිමිණි.
ජනමාධ්‍ය මීක් කිවේ නැත.
දේශපාලන පක්ෂද නිහඩව සිටියේය.විකල්ප යැයි කියාගන්නා මාධ්‍ය පවා  සිටියේ මර නින්දකය.

එවන් යථාර්ථක් ඇති දකුණට දැන් උතුරේ ජනයා සිය සහෝදරත්වයේ දෑත් දිගු කර තිබේ.278813909 2372098476264814 887306556236885388 n

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here