උතුරේ ජනයාගේ ඉඩම් කොල්ලකා එළවළු කොටු දාන හමුදාවක්?

0
59

වලිකාමන් උතුරේ අවතැන් වූ ජනයාට තවමත් කදවුරු සහ වෙනත් තාවකාලිකව ස්ථාන වල ඉතා දුක්ඛිත ජීවිත ගතකරන්නට සිදුවී ඇති නමුත් එම ජනයාගේ ඉඩම් අධි ආරක්ෂිත කලාප ලෙස නම්කරමින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින හමුදාව එම භූමිවල එළවලු වගාකමින් සිටිති.

හමුදා විසින් අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ ජනයාට පදිංචිවීමට අවසර නොදුන්නද විවිධ හමුදා ව්‍යාපෘති එහි ක්‍රියාත්මක කරමින් සිටිති. ඉඩම් අක්කර 180 ක් පුරා විසිරී පවතින හමුදා ගොවිපල ඉන් එක ව්‍යාපෘතියක් වෙයි. ඊට අමතරව තවත් හමුදා නිවාඩු නිකේතන,විවිධ හමුදා කර්මාන්තශාල ආදිය වෙයි.

පසුගියා දා පාරම්පරික දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන්  අත්පත්කරගනිමින් ඉදිකර ඇති හමුදා ගොවිපලවල් උතුරු යාපනය ආරක්ෂක ප්‍රධානී මහින්ද හතුරුසිංහ සහ ජී. ඒ. චන්ද්‍රසිරි යන අය පැමිණ නීරීක්ෂණය කරනු ලැබ ඇත.

කන්කාසන්තු​​රෛයිවල  සහ පලාලි ගුවන්තොටුපල ආවරණය වන පරිදි යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන අධි ආරක්ෂත කලාපය ලෙස නම්කර ඇති මෙම ඊනියා අධිආරක්ෂත කලාපවලට තමන්ගේ ඉඩම් පවරා ගැනීමට එරෙහිව 1000 කට අධික නඩු ප්‍රමාණයක් අධිකරණය ඉදිරියේ පවරා ඇතත් ස්ථීර හමුදා ජනවාස ඉදිකිරීමේ  කටයුුතු කිසිදුු බාධාවනික් හමුදාව විසින් සිදුකරමින් සිටිති.

විශේ​ෂයෙන්ම පලාලි ගුවන්තොටුපොළ අවට කාලාපය සාරවත් කෘෂිභූමි වූ අතර තමන්ගේ ඉඩම් හමුදාව විසින් 1989 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම නිසා අවතැන් වී සිටින ජනයා අද ද ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර ජීවිතයක් වෙයි.

යාපනය තොණ්ඩමන්නාරු සිට කන්කසන්තුරේ දක්වා ඇති අධි ආරක්ෂක කලාපයේ පිහිටි නිවාස හමුදාව විසින් කඩා බිඳ දමමින්ද සිටින අතර වලිගාමම් උතුර ප්‍රදේශයේ පවුල් 7,060කට අයත් 25,328 දෙනෙකු වසර 23ක සිට අවතැන්වූවන් ලෙස සුභසාධන කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවෙස් වලත ජීවත් වෙමින් සිටිති.

ඊනියා අධිආරක්ෂිත කලාප

වලිකාම් උතුර ප්‍රදේශයටද ඈතුළත්ව පවතින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය (Security Forces Headquarters Jaffna –SFHQJ/SFJ) අධි ආරක්‍ෂිත කලාපය යනුවෙන් නම්කර ඇති ප්‍රදේශයේ විශාලත්වයෙන් අක්කර 6381.00 ක් වෙයි. 1990 වර්ෂයේ සිට ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ ජනයාගේ ඉඩම් අත්පත්කරගෙන සිටිති.

තමන්ගේ ඉඩම් නැවත ලබාදෙන ලෙස ජනයා දිගින් දිගටම විරෝධතාවයේ යෙදීසිටින අතර එසේ විරෝධතානයේ යෙදුනු ජනයා හමුදාව සහ බුද්ධි අංශ යොදවා මර්ධනය කිරීමට කොළඹ ආණ්ඩුව ක්‍රියාකලේය. එපමණක්  නොව දෙමළ දේශපාලඥයන්ද ඊනියා ත්‍රස්ථ විමර්ෂණයට කැදවමින් අවස්ථා ගණනාවකදීම ප්‍රශ්ණ කරනු ලැබීය.

උපුටා ගැනිම – vanni post වලිනි