උතුරේ ධීවර ගැටඵ වලට විසදුම් සොයන්න, උතුරු දකුණු ධීවරයන් එක් වෙති

0
77


ඉන්දීය ටෝලර් යාත‍්‍රා සහ මෙරට ආරක්ෂක කි‍්‍රයාවලිය නිසා උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටඵ පිලිබදව සංවාදාත්මක රැස්වීමක් ජුලි මස 21 වැනි දින පෙරවරුවේදී මීගමුවේදී  පැවැත්විණි.  ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ මග පෙන්වීම මත එම ව්‍යාපාරයේ ප‍්‍රධාන ශාලාවේ දී  මෙදින මෙම රැස්වීම ආරම්භ විය. උතුරේ ධීවර ගැටඵ උතුරේ සහ දකුණේ ධීවරයන් එක්ව සංවාදයකට ලක් කර ඒ සදහා ගතයුතු ඒකාබද්ධ කී‍්‍රයාමාර්ගයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනීම, මෙම රැුස්වීම පැවැත්විමේ මුලික අරමුණ විය.

යාපනය ,මන්නාරම මුලතිවු , කි්ලිනොච්චි යන සිව් දිස්ති‍්‍රක්ක තුල ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු තීරයන් හී අනීතිකව ඉන්දීය ටෝලර් ම`ගින් කරන්නාවූ විනාශකාරී සහ කොල්ලකාරී මසුන් මැරීමේ කි‍්‍රයාවලිය නිසා අද වන ව්ට උතුරේ ධීවරයා දැඩි සේ පී්ඩනයට පත් වී සිටි. එලෙසම යුද්ධයෙන් පසුව ගෙවුණු පසුගිය වසර කිහිපය තුලද ශී‍්‍ර ලංකා රජය මගින් හමුදාව යොදවා ඇති කර ඇති නොයෙකුත් ආරක්ෂක කි‍්‍රයාවන් හරහාද මෙම ධීවරයන් පිරිස විශාල ගැටඵ රාශියකට මුහුණ පා සිටී. එලෙසම දකුණේ ධීවරයන්ද තම කර්මාන්තය තම ප‍්‍රදේශ වල නිසි ලෙස කර ගැනීමට නොහැකි යැයි විවිධ හේතු සදහන් කළහ. විශේෂයෙන්ම ඉන්දීය ටෝලර් යාත‍්‍රා මෙරට පැමිණිමෙන් අසාධාරණයට ලක් වෙන උතුරේ ධීවරයන්ගේ එම ගැටඵ මෙහිදී උතුරින් පැමිණ සිටි ධීවර නියෝජිතයනින් විසින් මෙම සභාව දැනුවත් කලහ.
එලෙසම මෙම ගැටඵ විසදීම සදහා මෙතෙක් ගත්  උත්සාහයන් සහ දකුණේ ජනාතාව ලෙස ගත යුතු කි‍්‍රයාමාර්ග පිලිබදව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.
උතුරේ ධීවරයන් මුහුණ දෙන මේ සිය  ගැටළු වලටද එලෙසම සමස්ථයක් ලෙස ගත් කල උතුරේ මෙන්ම දකුණේ ධීවරයන්ද මුහුණ දෙන පොදු ගැටඵ වලට ද පිලියම් සෙවීමේදී උතුරු දකුණ එක්ව කටයුතු කල යුතු බව , මේ දෙපාර්ශවයේම අදහස විය. ඉදිරිකාලයේදී එවන් වැඩපිලිවෙලකට මේ දෙපාර්ශවයම අවතීර්ණ වන බවට මෙම රැුස්වීමට පැමිණ සිටි උතුරේ සහ දකුණේ් ධීවර සංවිධාන නියෝජිතයින් සහ ධිවර නායකයන් විසින් පැවසුහ.

මෙම රැස්වීමේදී  යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්්‍ය සුසෙයි ආනන්දන් ,උතුරු පලාත් ධීවරයන්ගේ සංවිධානයේ සභාපති සින්නය්යා තවරත්නම්, එම සංවිධානයේම විශේෂ නියෝජිතයන් වූ ජෝශප් පැන්සිස් සහ නිකසන් යන මහත්වරුන් විශේෂ දෙසුම් පැවැත්වුහ.  එලෙසම තවත් ධීවර නියෝජිත මහත්මහත්මාවිීන් ගණනාවක් මෙහිදී අදහස් දැක්වූ අතර ආගමික නායක නායිකාවන්, සිවිල් සංවිධාන ති‍්‍රයාකාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුඵ විද්වත් ජේ්‍යෂ්ඨ පුරවැසි කි‍්‍රයාකාරීහුද මෙම රැුස්වීමට සහභාගී වී සිටිනු දැක ගත හැකි විය.