ඒ එක් පසෙක සිටියේ ඩග්ලස් දේවානන්ද වන අතර අනෙක් පස සිටියේ ඩග්ලස් දේවානන්දලාගේ අනෙක විධ මැර ක්‍රියාවලට ගොදුරුව වැඩිම මාධ්‍යවේදින් පිරිසක් අහිමිකරගත් උදයන් පුවත්පතේ අයිතිකරු වන පාර්ලිෙම්න්තු මන්ත්‍රි සරවන බවන්ය.
යහපාලනය අන්තයන් දෙක මේ සමුහ ඡායාරූපය මගින් කදිමට කියා පායි.එය තවත් රසවත් වන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බැංකිමුන් මහතා එහි හරිමැද හිටගෙන සිටිමයි.ස
සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මාධ්‍යවේදියා අතුරුදහන් කිරිම් පිටුපස සිටින්නේ ඊපිඩිපි නායක ඩග්ලස් දේවානන්ද යැයි ඔහුගේ පියා චෝදනා කර සිටි.
2007 ජනවාරි මස 15 වෙනිදා සවස්වරුවේ සිය නිවස බලා පැමිණෙමින් සිටියදි අතුරුදහන් වු සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් පිළිබදව අදටත් කිසිදු තොරතුරක් නැත.
එහෙත් 2009 වසරේ මැයි මස යුද්ධය අවසන් විමෙන් පසු සුබ්‍රමනියම්ගේ නිවසට පැමිණෙන පොලිසිය හා හමුදාවේ නිළධාරින් පිරිසක් ඔහුගේ පවුලෙ අය වෙත දන්වා තිබුනේ සුබ්‍රමනියම්ගේ රාමචන්ද්‍රන්ගේ අධ්‍යාපන සහතික ඇතුළු සියල්ල වැදගත් ලියවිලි පේදුරුතුඩුව පොලිසියට ගොස් භාර දෙන දෙසය.
ඔහුගේ පියා විසින් පසුදිනම එසේ ගොස් භාර දි තිබුණි.
එයින් ගම්‍ය වි තිබුනේ යුද්ධය නිමවිමෙන් පසුත් සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ජිවතුන් අතර සිටි බවකි.
සිය පියා විසින් ඩගලස් දේවානන්දට එරෙහිව කරන චෝදනාව කිසිසේත් බැහැර කළ හැක්කක් නොවේ..
රාමු
විශාල හාදයෙක්,
මගේ රාමු …
‘‘මේ මල් ආරුක්කුව හැදුවේ
ඒ දෑතින්මයි ..
අප්පාගේ කඳුළු..කඩා නොවැටීම කතා කෙරුවා ….
මුරපොලේ දී ….
රාමු නැතිවුණා….
එදා ඉදන්
පිච්ච වැලේ මල් පිපුණේ නෑ ….
මගේ කුසට බත් ගිලුනෙත් නෑ රාමු….
වැදූ කුස පළි ගසනවා
තාමත් මඟ බලාගෙන……
නුඹ ඉන්නවා ද? රාමූ…
නුඹ ඉන්නවා ද?
විඩියාේ-www.wayambatoday.com / www.meepura.com
Save
Save