උදයංග මහින්දව ගොනාට අන්දලා 

0
50
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව වසර 09ක පමණ කාලයක් මුලාකර ඇති බව හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත ඉතා  විශ්වාස කටයුතු ආරංචි මාර්ග  ඔස්සේ   තහවුරු කොටගෙන තිඛේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රුසියාවේ කළ නිල සංචාරයෙන් පසුව අදාළ තොරතුරු හෙළිව තිබේ.
සිරිසේන මහතාගේ රුසියානු සංචාරය වසර 44කට පසුව මෙරට රාජ්‍ය නායකයකු රුසියාවේ සිදු කළ නිල සංචාරයක් බවට ප්‍රවෘත්ති පලවීමත් සමඟ උදයංග, මහින්දට කර ඇති වංඡාව හෙළිව ඇත.
රාජපක්ෂ මහතාද වසර 2011 දී හා 2012 දී රුසියාවේ සංචාරය කර ඇති අතර එසේනම් සිරිසේන මහතාගේ සංචාරය මැතිණියගේ සංචාරයෙන් වසර 44කට පසුව ගිය පළමු ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයාගේ සංචාරයක් ලෙස හුවාදක්වන්නේ කෙසේදැයි මහින්ද මහතා හා ඔහුගේ හිතවතුන් සිදු කළ සොයා බැලීමේදී උදයංග සිදුකර ඇති ප්‍රෝඩාව එළිදරව්වී තිබේ.
mahinda
හිටපු ජනපතිවරයා රුසියාවට ගොස් ඇති සංචාර දෙකම නිල සංචාර නොවන බව හෙළිව ඇති අතර කෙසේවුවද එහි වසර 09කට ආසන්න කාලයක් තානාපතිවරයාව සිටි උදයංග හිටපු ජනපතිවරයාට අදාළ සංචාර නිල සංචාර බව පවසමින් මේ මුලා කිරීම සිදුකර ඇත.
මහින්ද මහතා 2011 වසරේදී රුසියාවේ ලුමුම්බා සරසවියට ආචාර්ය උපාධියක් ලබා ගැනීමටත්, 2013 දී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමටත් රුසියාවට ගොස් තිබේ.
ආර්ථික සමුළුවට සහභාගිවූ අවස්ථාවේ එවකට රුසියාවේ ජනපතිවරයා වූ දිමිත්‍රි මෙඩ්වෙඩේව් ද රාජපක්ෂ මහතා හමුව තිබූ අතර කෙසේවුද එය නිල හමුවක් නොවන බව පැවසේ.
මෛත්‍රීට කාර් 40ක පෙළපාලියක්….!
මෙවර රුසියානු සංචාරයේදී මෛත්‍රීව ගුවන් තොටුපලේ සිට කැඳවාගෙනයනු ලැබුවේ රාජ්‍ය ගෞරව මධ්‍යයේ බව පැවසේ,
ඔහුට රථ 40ක පමණ රථ පෙළපාලියක්, ඉදිරියෙන් ගමන්ගන්නා යතුරුපැදි 09ක්, ආචාර වෙඩිමුර, රාජ්‍ය නායකයා සමඟ භෝජන සංග්‍රහයක් ඇතුළු රාජ්‍ය ගෞරව සියල්ලක්ම ලැබුණු බව වාර්තා වේ. එසේම ඔහු සමඟ සහභාගි වූ දූත පිරිසට ඉඳුම් හිටුම් කෑම බීම සියල්ලක්ම පාහේ ලැබී ඇත්තේ රුසියානු රාජ්‍යයෙනි.
කෙසේවුවද, මහින්ද මහතා රුසියාවට ගිය අවස්ථා දෙකේදීම ඔහු කෑම බීම හා ඉඳුම්හිටුම්වලට ශ්‍රී ලංකා රජයේ මුදල් වියදම්කර ඇති බව පැවසේ.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ බව කියා සිටියේය.