උදේ 6 ට අමාත්‍යංශයට ගොස් නිමල් ලංසා ඇදගෙන නෑම …

0
172

නිමල් ලංසා

දැක්කද නිමල් ලාන්සා උදේ 6ට අමාත්‍යංශයට ගිහින් කෝ මේ office වල කට්ටිය කියලා හෙව්වා කියන පොස්ට් එකක්…නිකන් ඇදගෙන නාන වැඩනේ…එකට ඔය කොල්ලෝ එක එක පොස්ට් දහලා චොරකරලා දාලා තිබුනා. ඔය පොස්ට් වලට හේතුවුනේ නිමල් ලාන්සා එයාගේම facebook පේජ් එකේ දාපු පොස්ට් එකක්. ”නිමල් ලාන්සා උදේ 6ට අමාත්‍යංශයට” කියලා ඔර්ලොසුවකුත් එක්ක පොස්ට් එකක් දැම්මේ එයාලම තමයි. එකෙන් ඒගොල්ලෝ පෙන්වන්න හැදුවේ නිමල් ලාන්සා උදේම වැඩ පටන්ගන්වා. වැඩට උනන්දුයි කියලයි.

නිමල් ලාන්සා මීගමුවේ නගරාධිපති වෙලා ඉද්දී උදේ පහමාර වෙද්දී නගරසභාවට ඇවිත් පාරවල් පිරිසිදුකරන නගරසභා සේවකයින් වැඩට ආවද, අද කොයිපාරවල්ද සුද්ද කරන්නේ, ප්‍රශ්න මොනවද කියලා බලලා, උදේ හත වෙද්දී ඒ පාරවල්වල රවුමක් ගහලා වැඩ වෙලාද, උදේ වෙද්දී පුස්තකාලවලට දවසේ පත්තර ටික ගියද කියලා හොයලා බැලුවා කියලා නගරයේ හුගාක් දෙනෙක් දන්නවා..

නගර සභාවේ වැඩ කලේ එහෙමයි කියලා අමාත්‍යංශයට උදේ 6ට ගිහින් වැඩ කරන්න බැහැනේ..රාජ්‍ය ආයතන වැඩ පටන්ගන්නේ අට-නමය වේද්දී. ඉතින් අර නගරසභාවේ එක ඔලුවේ තියාගෙන අමාත්‍යංශවලටත් උදේ 6ට ගියා කියලා එයාගේ ප්‍රචාරක කණ්ඩායම් පොස්ට් දාපුවහම නිකම් සවුත්තුවෙලා යන එක අහන්න දෙයක් නැහැ…

ඔහොම ලාභ ප්‍රචාරක වැඩවලට ගිහින් නිකම් සවුත්තු වෙනවාට වඩා හොද නැද්ද මීගමුව මුන්නකරයේ නාගරික මන්ත්‍රී නිමල් ඩයස් ‘ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්’ (නිමල් ලාන්සාගේ අමාත්‍යංශය) යටතේ මුන්නකරයේ සිරි කුරුස පාලම හදලා දෙන්න කියලා ඉල්ලපු ලිපිය අමාත්‍යංශ ලේකම් වරයාට ඔහුගේ අනුමැතිය ඇතිව 17/08/2020 යොමුකලා වගේ නිව්ස් එකක් දාන එක. මිනිස්සු දැන් ගන්න කැමති ඒ වගේ දේවල් නේ… මම හිතන්නේ ඒ දේවල් ගැන, ඒ කියන්නේ දැන් මේක අර ලේකම්ගේ/අර ඇමැතිවරයාගේ අනුමැතිය යටතට යොමුකලා, වගේ දේවල් ගැන කියන්න දේශපාලකයෝ උන්නදු නැහැ. මොකද එහෙම කිව්වහම වෙන්නේ, ඔවුන්ට බලයක් නැහැ වගේ අදහසක් යනවා..තව කෙනෙකුගෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ වගේ අදහසක් යනවා…ඒක එහෙමවුනත් ඒක පෙන්නන්න ඒ අය කැමති නැහැ.. අනික මිනිස්සු පස්සෙන් පාරෙන් ඇවිල්ල අහනවා කෝ වැඩේට මොකද වුනේ…ලිපියට අනුමැතිය ලැබුනාද? සල්ලි පාස්වුනාද? ආදී දහසකුත් දේවල්..එතකොට දේශපාලකයාට වෙනවා අමාත්‍යංශ වල ඇත්ත ප්‍රශ්න කථා කරන්න ..ප්‍රමුඛතා ලැබෙන්නේ මොනවාටද? ඒ ඇයි? අමාත්‍යංශවලට මුදල් කොච්චර මුදල් ලැබුනාද? ඒවා වෙන්වුන ව්‍යාපෘති මොනවාද කියලා මිනිස්සුන්ට කියන්න…

අන්න එතකොට තමයි මිනිස්සුට තේරුම් යන්නේ ඇයි මුන්නකරයේ සිරි කුරුස පාලමේ බැමි දෙකවත් අවුරුදු ගානක් හැදෙන්නේ නැත්තේ? අපේ අපේ පළාත්වලට ආණ්ඩුවෙන් වැඩක් නොකෙරෙන්නේ? රටේ සමහර පළාත්, සමහර නගර, ගම් සංවර්ධනය වෙද්දී අපේ පලාත්වල බෝක්කුවක් හැදෙන්නේ නැත්තේ ඇයි කියන එක… ඇත්ත දේශපාලන ප්‍රශ්න තියෙන්නේ එතන. ඒත් දේශපාලකයෝ කැමති එවත් එක්ක හැප්පෙන්න නෙමේ.. මොනාවා හරි හොද හෝ නරක ප්‍රචාරක වාසියක් අත්කරගෙන , මිනිස්සුන්ට යම් යම් දේවල් ටිකක් බෙදලා දීලා, පොඩි පොඩි වැඩ ටිකක් කරලා ඊලග චන්දෙනුත් ගොඩ එන්න..

හැමදාම එහෙම යන්න බැහැ.. මිනිස්සු වුනත් මේ දේවල් ගැන තේරුම් ගන්න දවසක් එනවා..එහෙම ආපුහම UNPයට යන කල යනවා…මේ පාර මීගමුවේ හිටපු UNP සංවිධානක කාවින්දලාටත් මීගමුවේ මිනිස්සු මනාපදීලා තියෙන්නේ ගියපාරටත් අඩුවෙන්.. මීගමුවේ මිනිස්සු මෙවර වැඩියෙන්ම මනාප චන්ද ප්‍රමාණය දීලා තියෙන්නේ නිමල් ලාන්සාට. ඒ කියන්නේ 24, 532ක් මනාප චන්ද නිමල් ලාන්සා දීලා තියෙනවා. දෙවෙනියට වැඩිම මනාප ප්‍රමාණය දීලා තියෙන්නේ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේට 23,298… මිනිස්සු දැනන් හිටියා මේපාර ගේමක් නැතිව පොහොට්ටුව දිනනවා ඉතින් මිනිස්සු තීරණය කරනවා මේ අයව තමා අපේ පළාතේ අපි පත්කර ගන්න මන්ත්‍රීවරු කියලා..දැන් වෙන්න ඕනේ දෙය ඒ මිනිස්සුට සේවය කිරීම..

ඉතින් office අරින්නත් කලින් උදේ 6යට ගියා කියලා වෙන දෙයක් නැහැ. වෙන්න ඕනේ කොහොම හරි කැබිනට් ඇමතිවරුන්ගෙන්, රාජපක්ෂලාගෙන්, සල්ලි පාස් කරගෙන අපේ පළාත් වලට වැඩක් කරන්න එක..ඒ අය සල්ලි පාස් කරලා දෙන්නේ නැතිනම් එකත් මිනිස්සුන්ට කියලා මිනිස්සුන්ව සංවිධනය කරන්න. එක ඔය උදේ හයට ගියා කියලා දා මෝඩ ප්‍රචාරක උපක්‍රමවලට වඩා වදින යමක්..

මාකස් ප්‍රියන්ත පෙරේරා