උපනගරාධිපති ලක්ෂ 8 කම පොත් බෙදුවාද??

0
106

මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන්ගේ හිමි ප්‍රතිපාදන යටතේ මේ වසරේ පාසැල් පොත් සදහා වෙන් කර ඇති මුදලින් වැඩිම මුදලක් ඒ සදහා ගෙන ඇත්තේ උපනගරාධිපති සකාවුල්ලා මහතා බව වාර්ථා වේ.
මේ පොත් ගණුදෙනුව අරභයා බොහොමයක් මන්ත්‍රිවරුන් හට එල්ලව ඇති චෝදනාව වන්නේ තමන් විසින් එසේ පොත් ඉල්ලා ඇති මුදලින් පාසැල් දරුවන් හට පොත් ලබා දි ඇත්තේ ඉන් අඩු මුදලකටය.අප දැනටමත් හෙළිකර ඇති පරිදි මේ පොත් සැපයුම් ටෙන්ඩර් ලබාගන්නනට වාසනාවන්ත වි තිබුනේ එජාප නාගරික මන්ත්‍රි සජිත් මෝගන්ය.
ඔහු හා අනෙකුත් නාගරික මන්ත්‍රිවරුන් අතර ගණුදෙනුවක් විය. එනම් ඒ සියළුම මුදලකට පොත් නොගන්නේ නම් ඒ අදාල මුදල දවිශේෂ වට්ටමක්ද ලබාදෙන බවය.
මේ අනුව ලක්ෂ 08 ක පොත් දරුවන්ට බෙදන්නට ගත් උපනගරාධිපතිවරයා සජිත් මෝගන්ගෙන් ඇත්තටම ගත්තේ ලක්ෂ කීයක පොත්ද????
ලක්ෂ 3,50.000 ක පමණක් නොවේද???එසේ නම් ඉතිරියට සිදුවුයේ කුමක්ද.???
ඇත්ත උත්තරය දන්නේ කව්ද???