උසස් අධ්‍යාපනයට යුරෝපයට යන්න ඉන්න අයට වැඩමුළුවක්. .

0
109

 

මීගමුව, ගල්කන්ද හන්දියේ පිහිටි “මාස්” කන්සල්ටින්  ආයතනය ( MAS consulting ) මඟින් එම පරිශ්‍රයේදී අද දින  (21/12/2024) පෙරවරුවේ සහ පස්වරුවේ මාර්ගෝපදේශන වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුව පවත්වන ලද්දේ උසස් අධ්‍යාපනය හෙවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යුරෝපයට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවන තරුණ තරුණියන් සඳහායි.

2007 වසරේ ” ලන්ඩන් ලංකා ඉන්ස්ටිටියුට් ” නමින් එදා එංගලන්තයේ  ලන්ඩන් කුලමැන් චෙල්සි කොලෙජ් වෙත මෙරට තරුණ තරුණියන් උසස් අධ්‍යාපනය සඳහා  යවනු ලැබු අතර පසුව එම ආයතනය 2012 වසරේ මාස් කන්සල්ටින්  ලෙස නමින් වෙනස්ව සිය සේවා කටයුතු යුරෝපා රටවල් ගණනාවකටම පුළුල් කළේය. ඒ අනුව මෙරට තරුණ තරුණියන්ට යුරෝපයේ, පෝලන්තය, මෝල්ටාව, එස්තෝනියාව, ලක්ස්සම්බර්ග්, සහ ලිතිවේනියාව වැනි රටවල් වල⁣ට උසස් අධ්‍යාපනය සඳහා පිවිසීමට අවස්ථාවන් උදාකරලීම සඳහා මාස් කන්සල්ටින් ආයතනය කටයුතු කරන ලදී. යුරෝපා රටවල් වලට අමතරව  ජපානයේ  සහ රුසියාවේ විශ්ව විද්‍යාල වලටද උසස් අධ්‍යාපනය සඳහා පිවිසීමට මෙරට තරුණ තරුණියන්ට මාස් කන්සල්ටින් ආයතනය විසින් අවස්ථාව සලසා දෙන ලදී.


ඒ අනුව අද දින පවත්වනු ලැබූ මෙම මාර්ගෝපදේශන වැඩමුළුව තුළින්  යුරෝපයේ උසස් අධ්‍යාපනය වෙත පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ලිතිවේනියාවේ ,විලිනියස්  අගනුවර පිහිටි ” විල්නර්ස් ” ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාවන් පිළිබඳව පුළුල් ලෙස දැනුවත් කිරීමක් සිදු කළහ.
මාස් කන්සල්ටින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක මිල්රෝල් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේ ඉතා අඩු වියදමකින්, කිසිදු අපහසුතාවයකින් තොරව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් තම උපාධි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම තුළින් යුරෝපයට පිවිසීමේ  සිහිනයද සැබෑ කරගත හැකි බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ලෝකයේ වෙනත් ප්‍රසිද්ධ රටවල් වන එංගලන්තය, ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට අධ්‍යාපනය සඳහා පිවිසීමට යන අධික වියදමට වඩා බොහෝ ලෙස අඩු වියදමකින් ලිතිවේනියාවේ ” විල්නර්ස් ”  විශ්ව විද්‍යාලයට ඇතුළු විය හැකි බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ. එමෙන්ම ඔහු  වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 500 අතරෙහි ඇති විශ්ව විද්‍යාලයක් බවත් එය මේ වන විට ලොව හොඳම විශ්ව විද්‍යාල අතරින් 450 වැනි ස්ථානයේ පසුවන අතර එහිදී  බී.එස්.සී (B.Sc) සහ එම්.එස්.සි (M.Sc) වැනි ජාත්‍යන්තරව පිළිගැනෙන උපාධි ලබාගත හැකි බවයි. එමෙන්ම මිල්රෝයි ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කළේ වෛද්‍ය, ඉංජිනේරු,හෙද හෙදි, ව්‍යාපාර අධ්‍යයනය  කළමනාකරණය සහ පරිපාලනය, සයිබර්  සිකුරුටි, තොරතුරු තාක්ෂණය, සහ නීතිය වැනි ලොව පිළිගත් විෂය මාලාවන්ගෙන් අධ්‍යාපනය ලබා උපාධි ලබා ගැනීමටත් , එලෙසම අඩු වියදමකින්, යුරෝපට අයත්  ⁣”ෂෙණගන්” (ලොව බලසම්පන්න රටවල් 24 ට අයත්) කණ්ඩායමට අයත්  රටක සතුටින් තම ජාත්‍යන්තර උපාධි  සිහිනය සැබෑ කරගන්නට මෙය ලාංකික තරුණ තරුණියන්ට ලැබුණු මහඟු අවස්ථාවක් බවයි.
විල්නර්ස් විශ්ව විද්‍යාලයට පිවිසීම සඳහා මෙරට එකම නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ මාස් කන්සල්ටින් ආයතනයයි. එම ආයතනය විසින් මෙම මාර්ගෝපදේශන වැඩමුළු මාලාව අඛණ්ඩව සිදු කරන අතර නොබෝදා කැලණිය විශ්ව විද්‍යාලයේ  උපාධි අපේක්ෂක සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශන වැඩසටහනක්ද පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුවේදී මාස් කන්සල්ටින් ආයතනයේ ,පෝලන්තයේ පිහිටි ශාඛා ආයතනයේ අධ්‍යක්ෂක කවින් ප්‍රනාන්දු මහතා ද විශේෂ දේශනයක් සිදු කලේය.
අද පැවති මෙම වැඩමුළුව සඳහා උසස් අධ්‍යාපනයට යුරෝපයට පිවිසීමට බලාපොරොත්තුව සිටින තරුණ තරුණියන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගි වූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here