මීගමුවේද බොහෝ ජාතික පාසල් වල මෙම තත්ත්වය තවමත් වෙනස් නොවී පවතින අතර ළමුන් ඇතුළත් කරගැනීමේ සිට උසස් පෙළ කිරීමේදී ද නැවත පාසලට ආධාර මුදලක් එකතු කරනු ලබයි. මිගමුව විජරත්නම් මහ විදුහලේ ද උසස් පෙළ කිරීම සදහා පසුගියදා පාසලේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් නැවත ආධාර මුදලක් එකතු කර ඇති අතර දෙමාපියන් පවසන්නේ පාසලේම සාමාන්‍ය පෙළ සමත්වූ දරුවන්ගෙන් එසේ අයකිරීම අසාධාරණ බවයි. මෙම ආධාර මුදල පාසල් සංවර්ධන කමිටුව මගින් අයකරගන්නා බවද ඔවුන් පවසති. තත්ත්වය මෙසේ තිබියදී මීගමුවේ රජයේ පාසල් ලෙස සැලකෙන මෙම පාසල් වලින් දරුවන්ගෙන් මුදල් අයකිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි ද යන්නද තවත් ගැටළුවකි.