ඌවට සෙල්ලම් බඩු ඉල්ලා ගණකාධිකාරිවරයාට තර්ජන

0
55

ඌවේ පැවැත්වෙන පළාත් සභා ඡන්ද ප්‍රචාරක වැඩකටයුතු වලදී  සහයෝගය දැක්වීම පිණිස බස්නාහිර ප.සභා ආමත්‍ය නිමල් ලාන්සාට පැවරී ඇත්තේ පස්සර ප්‍රදේශය බව වාර්තා වේ. මේ අතර පස්සරට බෙදාදීමට ක්‍රීඩා භාන්ඩ අවශ්‍ය බැවින් ඒවා මීගමුව මහ නගර සභා මුදලින් ලබාදෙන ලෙස නිමල් ලන්සා අමාත්‍යවරයා ගණකාධිකාරවරයාට බලපෑම් කර ඇති බව වාර්තා වේ. මෙසේ මුදල් ලබාදිමට නොහැකි බව ගණකාධිකාරිවරයා කිමෙන් පසුව ඔහු තර්ජනය කරමින් බැන වැදි ඇත.
පසුගිය කාලයේ පැවති බස්නාහිර පළාත් සභා  ඡන්දයේදීද නගර සභා අරමුදල් වලින්  ලක්ෂ 25ක පොත් නිමල් ලාන්සා අමාත්‍යවරයාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ සඳහා ලබාගැනිම සමබන්ධයෙන් විගණන විමසුමක්ද පැවැත්වෙන බව වාර්ථා වේ.index