නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද, හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබූ කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අලුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළදි ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබ තිබුණි
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 27 වැනි දින ටෝලර් යාත්‍රාවකින් කළමැටිය ධීවර වරායට ගෙනවිත් ගොඩබෑමට සූදානම් වෙන අවස්ථාවේදී මෙම කහ තොඟය අත් අඩංගුවට ගත්තේය
කහ කිලෝග්‍රෑම් 20,900ක් මෙසේ ගිනි තබා විනාශ කර ඇත.

මේ අතර එංගලන්තයේ සුපිරි වෙළද සැල්වල මේ දිනවල එළවළු වර්ග නොමිලේ එහි ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇතැයි එහි වෙසෙන ශ්‍රිලාංකිකයෙකු මිපුර අමතා පවසා සිටියේය
