එක්දරු මවකට ෆේස්බුක් අපහසයක් කළ අයෙකුට පැන යන්න කොච්චිකඩේ පොලිසිය ඉඩදීලා ?

0
58
පොලිසිය මගහැර ඉතාලියට පලාගිය රාජේශ් නැමැත්තා
පොලිසිය මගහැර ඉතාලියට පලාගිය රාජේශ් නැමැත්තා
පොලිසිය මගහැර ඉතාලියට පලාගිය රාජේශ් නැමැත්තා

කොච්චිකඩේ මුරුතැන ප්‍රදේශයේ පදිංචි ඉතාලියේ රැකියාවක නිරතව සිටින රාජේශ් නැමැත්තාට එරෙහිව කොච්චිකඩේ පොලිසිය වෙත එක්දරු මවක් ලිඛිත පැමිණිල්ලක් කරමින් කියා සිටියේ  රාජේශ් නැමැත්තා තමන් හට ෆේස් බුක් පිටුවක් මගින් තමන්ගේ ඡායාරුපයක්ද යොදාගෙන බරපතල අපහසයක් සිදුකර ඇති බවය.
කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති ධර්මකිර්ති මහතාගේ උපදෙස් පරිදි ලිඛිත පැමිණිල්ලක් සිදුකිරිමට අදාල මව විසින් කටයුතු කර  තිබුණි.
ඒ පැමිණිල්ල විභාග කිරිමට නියමිතව වු දිනයේදි පැමිණිලි පාර්ශවය විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණ සිටියද අදාල පැමිණිල්ල විභාගයේ කටයුතු භාරව සිටි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති බන්දුල මහතා රාජේශ් නැමැත්තා පැමිණිලි විභාගය සදහා නොපැමිණිම ගැන එතරම් ගණන් ගත්තේ නැත.
පසුව පැමිණිලි පාර්ශවය විසින් මේ ගැන යළි යළිත් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දිමෙන් පසු පැමිණිලි පාර්ශවයේම ජංගම දුරකථනයකින් රාජේශ් නැමැත්තාගේ නිවසට දුරකතන ඇමතුමක් ලබාදෙමින් විමසා සිටියේ …ආ රාජු මහත්තයද අර පැමිණිල්ල විභාගයට අද එන්නේ නැද්ද අනිත් පැත්තේ කට්ටිය ඇවිල්ල ඉන්නේ යැයි කියමිනි.
රාජේශ් නැමැත්තාගේ  සෙහොයුරා විසින් මෙම දුරකථන ඇමතුමට එක්වරක් පමණක් පිළිතුරු දිමෙන් පසුව විසන්ධි කර තිබුණි.
එහෙත් මේ විසන්ධි කිරිම ගැන පවා සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සිටියේ හරිම සැහැල්ලුවකිනි.
පොලිසිය හෑල්ලුවට ලක්කිරිම ගැන පොලිස් නිළධාරියෙකු මෙසේ  සැහැල්ලුවෙන් සිටියේ ඇයිද යන්න ප්‍රශ්ණයකි.
කෙසේ වෙතත් නැවත වතාවක් අදාල පුද්ගලයාව පොලිසියට කැදවිමට දිනයක් ලබා දිම  ගැනද සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට එතරම් උනන්දුවක් තිබුනේ නැත. රාජේශ් නැමැත්තා රටින් බැහැරව යෑමට පෙර මෙම පැමිණිල්ල විභාග කිරිමට කටයුතු නොකරන්නේ මන්දැයි පැමිණිලි පාර්ශවය විසින් කියා සිටියදි කොච්චිකඩේ පොලිසියේ සරත් නැමැති සැරයන් වරයා කියා තිබුනේ රාජේශ් නැමැත්තා ඉතාලිය බලා නැවත යන්නේ 2016 මාර්තු 12 වනදා බවය.
කෙසේ වෙතත් අදාල පැමිණිලි විභාග කිරිමට නියමිතව තිබු  දිනයට පසුදිනයේම රාජේශ් නැමැත්තා ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
මේ පසුබිම තුල පැමිණිලි පාර්ශවය කියා සිටින්නේ එක්දරු මවකට මහත් වු අපහසයක් සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලක් විභාග කිරිමට අපොහොසත්විම මෙන්ම අදාල පුද්ගලයාට පොලිසියට පැමිණින්නේ නැතිවම රටින් පිටව යෑමට ඉඩසලසා දි තිබිම ගැන පොලිසිය සිය රාජකාරිමය වගකිම පැහැර හැර ඇති බවය.
වැඩිදුරටත් ඔවුන් කියා සිටින්නේ මේ සම්බ්න්ධයෙන් මීගමුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඉදිරියේදි පැමිණිලි කිරිමටද පියවර ගන්නා බවය.