එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන ඒකාබද්ධ වාර්ථාව, රජය වෙත පිළිගැන්වේ.

0
60

r2l event 10r2l event 7

ශ්‍රී ලංකවේ වධහිංසාවට එරෙහිව එක්වූ සිවිල් සංවිධාන ජාලය විසින් 2016 නොවැම්බර් මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන ඒකාබද්ධ වාර්තාව රජය වෙත ඉදිරිපත් කිරීමේ උත්සවය ඊයේ (13) සවස 3.00 ට කොළඹ 07 කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේදී පැවැත් විය.

මෙම වාර්තාව මඟින් වධහිංසාව ශ්‍රී ලංකාව තුල සිදුවන ආකාරයත්, 2011 වසරේ දී එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව විසින් වධහිංසාව වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් නිර්දේශයන් රජය ක්‍රියාත්මක කළ ආකාරයත් සම්බන්ධව කරුණු ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන 20 එක්ව සැකසු මෙම එක්සත් වාර්තාව ගරු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.
www.samabima.comr2l event 3r2l event 1