එක් දිනක් තුල වැඩිම පිරිසක් Facebook භාවිතා කිරීමේ නව වාර්තාවක්

0
129

Facebook සමාගම පසුගිය සතියේ දී දැවැන්ත කඩයිමක් කරා ලඟා වුනා. ඒ තමයි Facebook ආරම්භ කර මේ දක්වා කාලය තුල එක් දිනක් තුල වැඩිම පිරිසක් Facebook භාවිතා කල දිනය ලෙස පසුගිය සඳුදා දින වාර්තා අතරට එක් වීම. මේ වාර්තා ගත සංඛ්‍යාව බිලියනයක් වන බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නිලවශයෙන් ප්‍රකාශ කර සිටියා.

1000509261001 1822909398001 BIO Biography 29 Innovators Mark Zuckerberg 115956 SF
Mark Zuckerberg

බිලියනයක් දෙනා එක් දිනක් තුල Facebook භාවිතා කිරීම යනු ලෝකයේ සෑම පුද්ගලයන්ගෙන් 7 දෙනෙකුගෙන් ම එක් අයෙක් Facebook භාවිතා කර ඇති බවයි.

o USING COMPUTER facebook

මේ පිළිබඳව වැඩි දුර අදහස් පළකරමින් සකර්බර්ග් පවසා සිටියේ මෙවැනි කඩයිමක් පසුකල ප්‍රථම අවස්තාව මෙය බවයි. එමෙන්ම මුළු ලෝකයම සම්බන්ධ කිරීමේ වෑයමේ මුලාරම්භය මෙය බවයි.

මේ සිදුවීම වැදගත් වන්නේ සඳුදා දින කිසිඳු විශේෂිත දිනයක් හෝ විශේෂ උත්සවයක් පැවති දිනයක් නොවීමයි. එය අහම්බෙන් සිදු වූ සිදුවීමක් බව පෙනී යනවා.

මේ වසරේ Facebook වෙබ් අඩවිය විශාල යාවත්කාලීන කිරීම් කරමින් වෙනස්කම් රැසක් සිදු කල අතර සජීව වීඩියෝ දර්ශන බෙදාහැරීමේ පහසුකම ද ලබා දීමට කටයුතු කරන ලදී. ( live streaming )

” වඩා විවෘත සහ එකිනෙකා සම්බන්ධ වුනු ලෝකයක් හොඳ ලෝකයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම මේ තුලින් ආර්ථිකය ශක්තිමත් කරගන්න වගේම නව අවස්ථා ඇති කෙරෙනවා. අපි හැමෝගෙම අගය පෙන්වන ශක්තිමත් සමාජයක් එය වටා ගොඩනැගෙනවා.” සකර්බර්ග් සිය පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඒවගේම මේ ඉලක්ක හා අරමුණු සාර්ථක කරගැනීමට දායක වන සමාජයේ සියලු දෙනාට සිය ස්තුතිය පළකිරීමටත් සකර්බර්ග් අමතක කලේ නෑ.

උපුටා ගැනිම – www.sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here