එක් වෙමු

0
333

 

කූඹි රැලක් දුටුවෙමි
එහෙ මෙහෙ දුවනා
රජෙකු නැතත් මඟ පෙන්වන්නා
පුදුම තමයි උන් කරනා වැඩ ගොන්නා
නායකයෙකු රජෙකු මොළයක් ඇතත්
කර පින්නා
වැනි වැනි කල් මරණා මිනිසුන් ගැන
දුක සිතුනා

තැන තැන වීදි බැස මොරගැසුවා
වෙන් වෙන් වී කල සටනින් හති වැටුනා
එක කොටුවක් එක පහරින් සුන් වෙන්නා
එලෙසින් කියා ඇති උපදෙස් සිහිවෙන්නා

තැන තැන විසිර අති තරු වල මද ආලෝකේ
එක් තැන් කළොත් ඇති වෙයි මහ ආලෝකේ
කවදද කොතැනද මෙම තරු එක් වන්නේ
එක් වී සුර්යයා මෙන් දුක නැති කර වන්නේ

ජීන් ෂාප් නම් ඇඳුරා කියා ඇත
දැඩි පාලකයන් සමඟ සකච්ඡා වැඩක් නැත
තැන තැන බුරනා වල් බල්ලෝ ලෙස
නුබුරා එක් වෙමු අපි එක රැළක් ලෙස

තැන තැන කෑගසනා මිනිස් රැළ
කුඩු කර බිමදමයි මේ යක්ෂ රැළ
එක් වුවොත් එකමුතු එක රැළක් ලෙස
පාගා දැමිය හැක  මුන්ව තණ ගසක් ලෙස

තිළිණ අන්ද්‍රාදි
http://ywintalk.blogspot.com/2012/11/blog-post_28.html