එක දවසකට එක වැඩක් ! බදුමුදල් වංචා කර කූට ලේඛණ හදපු අයට කෝ දඩුවම් ?

0
99

bribery note(10.00 am ) මීගමුව මහනගර සභාවේ නව පාලනය දැන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් එක දවසට එක වැඩක් යනුවෙන් කියන්නට පටන්ගෙන තිබේ.
මෙයට සමාන්තරව මිගමුවේ බදුගෙවන ජනයාට මේ නව පාලනයේ ඇත්ත දැනගැනිමට සැලැස්විම එදා සිට අප විසින් ඉටුකරමින් සිටි මාධ්‍ය භාවිතාවේ තවත් එක් ප්‍රධාන වගකිමක් ලෙසින් අප දකිමු.
අප එසේ කියන්නේ මේ වන විට මේ නව පාලනය ගැන ලොන්ඩරි මාධ්‍යවේදින් කිපදෙනෙකු විසින්  ගුණ වයන්නට පටන්ගෙන තිබෙන පසුබිමකය.

වරිපනම් හොරුන්ට කෝ දඩුවම්

මීගමුව මහනගර සභාවේ වරිපනම් කුටලේඛන සැකසු ලෙනාඩ් නැමැත්තා ගැන පැවැති කොමසාරිස් පාලනය නිසි පියවරක් ගත්තේ නැත.
බෝලවලානේ ප්‍රදේශයේ කඩයක් වෙත හොර වරිපනම් ලේඛණයක් කූට ලෙසින් සැකසිම එදා සිදුව තිබුණි.එසේ කරන ලද්දේ එවකට නියෝජ්‍ය නගරාධිපතිව සිටි දයාන් ලංසාගේ ඉල්ලිම නිසා යැයිද අදාල පුද්ගලයා විසින් කියා තිබුණි.

බදුමුදල් වංචා කර  කූට ලේඛණ හැදිමට නියෝග දුන් අයෙකුට නගරාධිපතිකම

තතු මෙසේ නම් නගරයේ බදුගෙවන ජනයාගේ බදුමුදල්  කූට ලෙසින් මහනගර සභාවට ලැබිය යුතු අදායම් වැලැක්විමට පියවර ගත් අයෙකු දැන් නගරාධිතිය.
අනෙක් තැනැත්තාද තවමත් නිරුපද්‍රිතය.
එක දවසට එක වැඩක් යැයි මාධ්‍ය සංදර්ශණ පවත්වන නව පාලනය බදු මුදල් වංචා කරමින් බදු අදායම් නගර සභාවට අහිමිකිරිමට ගත් කූට ප්‍රයත්නය ගැන කියන්නේ අද කියන්නේ කුමක්ද ?
මීගමුවේ බදුගෙවන ජනයා විමසිල්ලෙන් !