එක රටක්,එක නීතියක් ගැසට් එක අහෝසිකරන්න

0
116
dav
249616267 123109433475737 8594747830421043877 n

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ එරෙහි විවිධ අංශ විසින් දැනටමත් සිය විරෝධයන් පළකිරිමට පටන් ගෙන තිබේ.
සැබැවින්ම ජාතින් අතර සමගිය බිද දමන මෙවැනි ගැසට් ගැන මෙන්ම මේ කාර්ය සාධක බලකායේ මුලිකත්වයට පත්කර ඇති කුප්‍රකට භික්ෂුව පිළිබදව බොහෝ පිරිස් සිය පිළිකුල ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවද නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

image b17498d829

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇත.

මේ අතර සිංහල නොවන ජාතීන්ට එරෙහි වෛරය අවුළුවා ලීම සම්බන්ධයෙන් ප්‍රකට බෞද්ධ භික්ෂුවක් යටතේ ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය විසුරුවා හරින ලෙස බලපෑම් කිරීමට විපක්ෂයේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ කිහිපයක් ගිවිසගෙන තිබේ.  

බොදු බල සේනානායක ගලබොඩඅත්තේ ඥාණසාරගේ නායකත්වයෙන් යුත් “එක රටක්-එක නීතියක්” නාමයෙන් පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය නිසා ලාංකීය ජනතාව අතර ඇති යම් සංහිඳියාවක්, එකමුතුකමක් වේනම් එය මුළුමනින්ම විනාශ වී යා හැකි බවට යාපනයේ පැවති රැස්වීමකදී පක්ෂ නායකයන් අනතුරු අඟවා ඇතැයි theleader.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම පක්ෂ තව දුරටත් එකඟ වී ඇති ප්‍රධාන ඉල්ලීම් වන්නේ බලය විමධ්‍යගත කිරීම සඳහා වන 13 වැනි ව්‍යවස්ථාව මුළුමනින් ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කොට ඒ යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම සහ උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය අත් හිටුවීමයි.   දෙමළ-මුස්ලිම් පක්ෂ එකතුවේ  ඉල්ලීම් දිනාගැනීම සඳහා දකුණේ ප්‍රගතිශීලී පක්ෂ ද හවුල් කරගැනීමට තීරණය කර තිබේ.  

දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්,  ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්,  ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, උතුරේ හිටපු මහ ඇමැති සී. වී විග්නේස්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික පක්ෂයේ මහාචාර්ය වී.පී සිවනාදන්  සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන් ශ්‍රීකාන්තා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here