මේ සිහිවටන පළක ඉදිකිරිමට භාරදිමට මත්තෙන් අදාල මිසමේ පියතුමාවද දැනුවත් කර තිබුණ අතර එතුමන්ගේ වාචික එකඟතාවයද හිමිව තිබුන බව සැලය
කෙසේ වෙතත් දින කිහිපයකට පසු නොවැම්බර් මස සුසාන භුමියට ගිය මේ මිසම්වාසියාට දැකගන්නට ලැබුනේ එකි පලකය කව්රුන් හෝ විසින් ගලවා බිම දමා ඇති බවය.
එය සිදුව තිබුනේ මිගමුව සති ගණනාවක් තිස්සේ හුදකලා කොට තිබියදි විමද විශේෂත්වයකි.
වාර්තා වන අන්දමට මිගමුවෙ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් පවා මෙය මනුස්සමට තරම් නොවන එකක් බව සදහන් කර තිබුනේ සිත්තැවුලට පත් මිසම්වාසියාගේ දුක්ගැනවිල්ල ගැන පල්ලියෙන්ද සහනයක් නොලැබුන තැන පොලිස් පොතේ සටහන් තැබිමට සිදුව තිබුන පසුබිමකය.
දැන් බොහෝ තැන්වලදි පල්ලියේ පියතුමාට වඩා ඉහලින් සිටින්නේ ඒ ඒ පල්ලිවල අටවාගෙන ඇති විවිධ කමිටුවල ලොක්කයන්ය.
ඒ අයගේ හැසිරිම් ගැන වඩාත් අවධානයෙන් යුතුව බලන කළ ඉතා පැහැදිලිව පෙනි යන්නේ ඒ බහුතරයක් දෙනා හැසිරෙන්නේ සැබැවින්ම කිතුණුවන් ලෙසින්ද යන්නයි
කිතුණුවන්ටත් වඩා හමුදා ලොක්කන් සේ හැසිරෙන ඇතැමුන්ට අනෙකාගේ දුක දැනෙන්නේ නැති තරම්ය.
මිය ගිය තම ඥාතින් වලදැමු තැන සිහිකරනු පිණිස මේ ආකාරයෙන් කිසියම් සලකුණක් තැබිම කතෝලික ආගමික සංස්කෘතිය අනුව හැම තැනම එදා සිටම සිදුවුවකි.
එසේ වුවද ඇතැම් මිසම් වල සිහිවටන පළක සදහා නීති පනවා තිබුනද ඒවා පවා වලංගු වන්නේ ඇතැමුන්ට පමණක් බවටද දැන් උදාහරණ ඕනෑතරම්ය.
ඇතැම් තැන්වලදි පල්ලියට ඉතාමත් සමිප අයගේ මෙන්ම සුසාන භුමි කමිටුවල සිටින ලොක්කන්ට මේ නිති අදාලම නැති තත්වයන්ද වාර්තා වේ.
මේවා ඔප්පු කර පෙන්විමට ඡායාරුපමය සාක්ෂිද ඕනෑ තරම්ය
නිදසුනක් ලෙස සුසාන භුමිවල සිහිවටන පළක තැබිම 2014 සිට තහනම් කොට ඇතැයි වරෙක් කියා තිබුන කමිටුවක් විසින් ඒ ගැන සටහන් කරමින් නිකුත් කර ඇති කුඩා පොත් පිංචක සදහන්ව ඇත්තේ 2017 සිට සිහිවටන පළක ඉදිකිරිම තහනම් බවය.
එසේ කිවද මේ අතැම් අවස්ථාවලදි 2019 දි ස්ථාපිත කරන්නට යෙදුන පළක මේ සුසාන භුමියේදි දකින්නට ලැබේ
මේ ඇතැම් එවායේ හිමිකරුවන් පල්ලිවල කමිටු ලොක්කන් විමද තවත් විශේෂත්වයකි.
රටේ පමණක් නොව දැන් සුසාන භුමියටත් නීති දෙකක් ඇතැයි කියන්නට තරම් විහිළු සහගත මෙවන් යථාර්ථයන් විසින් සැබැවින්ම හෑල්ලුවට ලක් කර ඇත්තේ ක්රිස්තියානිකම නොවේදැයි ඇසිය යුත්තේ කාගෙන්දැයි පැහැදිලි නැත.
ලොක් ඩවුන් කර ඇති මිගමුවේ සුසාන භුමියට පැන සිය දෙමව්පියන්ගේ සිහිවටන ගලවා ඉවත්කළ ඇතැමුන් පිළිබදව පාප්තුමන්ගේ සිට ලාංකාවේ කතෝලික ප්රධානින් රැසකට ලිපි මගින්ද දැනුව්ත් කර තිබේ
කොළඹ අගරදගුරු නිවසට කරන ලද ලිඛිත පැමිණිල්ලට දැන් මාසයකද ගතව තිබුනද එවැනි දුක්ගැනවිල්ලක් ලැබුන බවට හෝ දැනුම් දෙන්නට ඒ අය කටයුතු කර නොතිබිම අප තේරුම් ගන්නේ කෙසේද ???
සුසාන භුමියට පවා නීති දෙකක් ඇති පුංචි රෝමයේ මේ දුක්ගැනවිල්ල දැන් කිව යුත්තේ කාටදැයි සැබැවින්ම ප්රශ්ණයක්ව පවති.
සිය දෙමව්පියන් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන සිහිවටන පළකය පල්ලියේ කමිටුවක් විසින් කඩා ඉවත්කර තිබිම නිසා දැන් එය තමන්ගේ නිවසට ගෙන විත් හේත්තු කර තබන්නට ආදාල මිසම්වාසියාට සිදුව ඇත.
අදාල පල්ලියේ පියතුමාගේ කොළ එළී්යක් නොතිබෙන්නට මේ අය සිය දෙමව්පියන් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන මේ සිහිවටන පළයක ඉදිකරන්නේ නැති බව පැහැදිලිව කියා සිටිති.
පියතුමාට එය එතරම්ම ලොකු ගැටලුවක් නොවුනද දෙමව්පියන් සිහිකරනු පිණිස තැනු සිහිවටන පළකය ගෙදර තාප්පයට හේත්තු කර තැබිමට විම හදවත් ඇති දරුවන්ට නම් සැබැවින්ම දුකකි