එජාපය සහ ජනපති සිරිසේන අතර හමුවක් ! පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ගැසට් එක ඉල්ලා අස්කරගනියිද ?

0
90

සිරා-(2.30 pm ) මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ අද දවස තවත් තිරාණාත්මක එකක් බවට පත්වෙමින් තිබේ.එක්සත් ජාතික පෙරමුණ සහ ජනපති සිරිසේන අතර විශේෂ හමුවක් අද සවස පැවැත්විමට නියමිතව ඇතැයි එජාප මහලේකම් අකිල විරාජ් මහතා විසින් පවසා තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ජනපති  සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් ඇති පෙත්සම් විභාගයට ගැනිම හෙටත් 07 වෙනිදාටත් යෙදි තිබේ.
එයට පෙර අද දවස තුල ජනපති සිරිසේන විසින් එකි ගැසට් පත්‍රය අද දිනයේදි ඉල්ලා අස්කරගැනිමට බොහෝ ඉඩ ඇති බවට මත පළවෙන්නටද පටන් ගෙන තිබේ.