එජාපෙන් ඡන්දය ඉල්ලපු නාගරික මන්ත්‍රි ”මිපුර වෙබ්” එක නිසා පොහොට්ටුවට යයි ….

0
120

ranil piyumi

මීගමුව මහනගර සභාවේ අය වැය විවාදයට එජාප මන්ත්‍රි පිරිසක් එන්නේ නැතිව   ලංසා පවුලට සහය පළකරද්දි මන්ත්‍රිලා දෙන්නෙක් ඇවිත් නගරාධිපති එයාලට නම් හොඳම හොඳායි කියා අයවැයට පක්ෂව ඡන්දය දිල තිබුනා.
මේ එක්කෙනක් මරු පොරක්. හොරෙන් රා බොන්න ගහට නැගල මාට්ටු උනාම ‘තණකොල කපන්න හලෝ මම ගහට ගියේ’ කියල ප්‍රසිද්ධියේ ම කියපු කෙනෙක්.

ඊයේ මහසභාවට ආපු මේ පියුමි විරසිංහ කියන මන්ත්‍රි ලංසා පවුලට සහය දක්වමින් අයවැය විවාදයට එන්නේ නෑ කියල තමයි අපි කලින්ම හෙළිදරව් කරල තිබුනේ.
නමුත් මෙයට ආවා. හැබැයි අපි කියපුව බොරු වුනේ නැ.

මොකද පොහොට්ටුවේ අයටත් කලින්ම අතඋස්සල ලංකාවේ දුෂිතම නගරාධිපතිට සිය සහය අයවැයේදි පළකෙරුවා.
හැබැයි මිනිහ අතඋස්සන්න ඉස්සර වෙලා මරු කතාවක් කියල තිබුණා.

‘මම ගෙදර ඉදන්ම හිතාගෙන ආවේ එජාපෙත් එක්ක අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. නමුත් මේ වෙබ් එකක් අපිව සවුත්තු වෙන විදියට නිව්ස් දාල තියෙනවා.
ඒ හින්ද මම පොහොට්ටු අයවැයට පක්ෂය ඡන්දය දෙනවා ‘ කියල මනුස්සය අත් දෙකම ඉස්සුවලු.

එයාගේ ෆේස් බුක් එකේ අදටත් ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ජන්දෙ ඉල්ලුවේ එජාපයෙන්. මැතිවරණය වෙලාවේ සමඟි බලවේගයේ . ( හැබැයි කටකතාවක් යන සමගි ජනබලවේගයේ 8 දෙනෙකුගෙන් විවිධ සහයෝගයන් අරගෙන බොක්කෙන්ම ඡන්දෙට නම් වැඩකරල තියෙන්නේ නිමල් ලංසාට කියල )
පොහොට්ටුවට අත්දෙකම උස්සපු මේ මනුස්සය සමගි ජනබලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් නායක නිරෝෂන් ප්‍රනාන්දුගෙනුත් පඩියක් ගන්නවා කියල කතාවක් තියෙනවා.

ඒ විතරක් නෙමේ මෙදා සැරේ අයවැය වෙනදා වගේ ලේසි එකක් නෙමේ කියල දැනගත්තු දයාන් ලංසා ඇත්තට ඉදල තියෙන්නේ අප්සට් එකේ හින්ද පියුමි විරසිංහ කියන මේ හාදය දවස ගානේම උදේ ගිහින් නගරාධිපති කාමරේට වෙලා  නරගාධිපතිගේ හිත හැදුවලු..
එහෙම කෙනා අයවැය ඡන්දය වෙලාවේ කියනවා  අයවැයට පක්ෂ වුණේ  මීපුර වෙබ් එක හින්ද ලු.
කොහොමද ඒක ???????