එජාප ජයග්‍රහණය වලකමින් ශ්‍රිලනිප මන්ත්‍රි ගණුදෙනුවේ කපුකමට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ?

0
130

stock-photo-business-finance-hands-new-york-handshake-deal-interracial-2cbf535c-4f8d-4811-afca-6d5925347532එජාප ජයග්‍රහණය වලකමින් ශ්‍රිලනිප මන්ත්‍රි ගණුදෙනුවේ ප්‍රධාන කපුකම පිටුපස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද වු බව වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට ඇත.
මෙයට අමතර වාහන ආනයන හා අලෙවි ක්ෂේත්‍රයේ මැතභාගයේ වේගයෙන් ඉදිරියට පැමිණි ව්‍යාපාරිකයෙකුද
ආනයනික භාණ්ඩ අලෙවි ක්ෂේත්‍රයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුද ඒ අතර විය.පොහොට්ටුවේ උපනගරාධිපති කමට නම් කළ ෆරිස් පිළිබදව දැඩි ලෙසින් විරැද්ධ වි තිබුණේ මේ මුස්ලිම් ව්‍යාපාරිකයාය.ඔහු පෙර කි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද සමිපතම මිතුෙරකි.
මේ පසුබිම තුල දෙපිරිස අතර මතුව තිබුණ මේ බරපතල ගැටුම තිරාණාත්මක ලෙසින් සමතයකට පත්කරන්නට මේ විශ්‍රාම නියෝජ්‍ය පොලිස්පතිවරයා මැදිහත්වි තිබේ.
නිමල් ලංසා හා එම් සාකවුල්ලා අතර මේ මන්ත්‍රි ගණුදෙනුවේ අවසන් මෙහෙයුමට මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්නද එක්ව සිටි බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.එපමණක් නොව දිවුලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධද එක්ව තිබුණි.
එහෙත් සරත් ගුණරත්න හා සකාවුල්ලා යනු මේ ගණුදෙනුව සිදුවිමට දින කිහිපයකට පෙර නිමල් ලංසාගේ ප්‍රබල වෛරක්කාරයන් බවට පත්ව සිටි බව මීගමුව තුලම ප්‍රසිද්ධ රහසකි.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදි ජනයමතය  කොල්ල කෑම සදහා මේ දෙදෙනාම නිමල් ලංසාගේ කරේ අත දාගෙන තිබුනේ නිකම්ම නොවේ.නිමල් ලංසා කෙසේ වෙතත් මේ සදහා අතිදක්ෂයකි.
ලංසගේ කොන්ඩම් න්‍යාය මේ සැමටම අදාලව ක්‍රියාත්මක විමට ඇත්තේ දින සති මාස ගණන් පිළිබද කාල පරාසයක් පිළිබද ප්‍රශ්ණයක් පමණක් බව දන්නෝ දනිති.
මේ සියල්ල සිදුවන්නේ නිමල් ලංසාගේ දෙවන ගෝඩ් ෆාදර් වන බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රයන්ට අනුවය.
මේ තුල ඉදිරියේදි සිදුවිමට නියමිත දේවල් සරත් ගුණරන්ත දන්නේ නම් සරත්ට තරු විසිවෙණු නොඅනුමානය.දිගින් දිගටම රැවැටුන වලවල් දවල්ද වැටෙන්නට පටන් ගත්විට සිදුවන්නේ මොළේ තුවාල විම පමණක් බව දැනගත්තද දැන් පමා වැඩිය.