එජාප නාගරික මන්ත්‍රිගේ තෙමහල් නිවස නිමල් ලංසා අතින් විවෘත වෙයි ?

0
92

නිමල් සජිත්මීගමුවේ  ඇතැම් එජාප මන්ත්‍රිවරුන් නිමල් ලංසා සමගින් ඇත්තේ ඉතාමත් කිට්ටුවන්ත කමකි. දරුවන් දිග දෙන්නට යද්දි පවා නිමල් ලංසා අතදිගහැර මුදල් වැය කල අවස්ථා දේශපාලන කවයන් තුල ප්‍රසිද්ධ රහස්ය.
මේ ආකාරයෙන් මිගමුව එජාප නාගරික මන්ත්‍රිවරුන් බහුතරයක් දෙනා යැපෙනන්නේද නිමල් ලංසාගේ වංගු ආර්ථිකයෙනි.
මේ අතර එක්තරා නාගරික මන්ත්‍රිවරයෙක් පසුගිය දිනක දළුපත ප්‍රදේශයේ තෙමහල් නිවසක් ඉදිකර තිබුණ අතර එය විවෘත කර ඇතැයි සැල වන්නේ නිමල් ලංසා විසිනි.
ලංසා පවුලේ නගර පාලනය තුල අභ්‍යාස පොත කොන්ත්‍රාන්තුව වැඩිම කාලයක් ලබාගන්නට තරම් වාසනාවන්ත වු එජාප නාගරික මන්ත්‍රි වන්නේ ද මේ තෙමහල් නිවසේ හිමිකරුය.